සිනහා බෝ වේවා

සිනහා වෙන තැනැත්තා මුළු ජීවිතයම දිනන්නෙකු වෙනවා. 
සිනහ නොවන තැනැත්තා මුළු ජීවිතයම පරාජිතයකු වෙනවා.
ඇයි එහෙම කියන්නේ කියලා මේ ලිපිය කියවලම බලන්නකෝ. 

 

සිනහව යනු, 


සිනහව කියන්නේ මනුෂීය ජීවිතයේ ලබන්න පුළුවන් අගනාම මිල කළ නොහැකි මානසික ඖෂධයක් වෙනවා. සිනහව වචන භාවිතයකින් තොරව හදවතකට හදවතක් යා කළ හැකි සුන්දර පාලමක් වෙනවා.

මනෝවිද්‍යාත්මකව සිනහව කියන්නේ මානසික සුවය ලබාදෙන, සමාජීය , මානුෂීය සම්බන්ධතා වැඩි කරවමින්, පෞර්ෂ වර්ධනය වැඩිකරවමින්,
මනස, සිරුර සම්බන්ධ කරන ප්‍රබල මෙවලමක් .

ඒ වගේම ධනාත්මක හැඟුම් වැඩි කරවන කෙනෙකුගෙන් කෙනෙකුට වාචික හැඟීම් නොමැතිව සෙනෙහස පෙන්විය හැකි සුන්දර තෑග්ගක්  ද වෙනවා.


සිනහවෙන් මිනිස් ජීවිතයට ලැබෙන වාසි. 


මනෝවිද්‍යාත්මක පැත්තෙන් කතා කරද්දි මිනිස් මොළේ ක්‍රියාත්මක වන සතුටු ,ධනාත්මක සිතුවිලි දනවන  උත්තේජනයක් වෙනවා. කායික, මානසික, නිදහස් බවක් නැවුම් ස්වභාවයක් මුළු දවස පුරාම ඇති කරවමින් ප්‍රබෝධමත් හැඟීම් ජීවිතය පුරාම ඇති කරවයි , මානසික අව පීඩනය ඇතිකරවන කෝටි සෝල් හෝමෝන ක්‍රියාකාරිත්වය අවම කරවනවා. ඒ තුළින් අද වෙද්දී අපි හැමෝම පීඩා විඳින උසස් ගණේ රෝග වන පෙෂර්, කොලෙස්ටරෝල්, දියවැඩියාව වැනි රෝගයන් පාලනයට යහපත් දායකත්වයක්  සැපයෙනවා, ඒ වගේම එම රෝග වැළඳීමේ අවධානම බොහෝ දුරට අඩු කරවනවා, මානසික රෝග වැළඳීමේ අවධානමට අඩු කරනවා, ජීවිතය පුරාම ආත්ම අභිමනයකින් සිටීමට හුරු වෙනවා.

සිනහව සහ පෞරුෂ වර්ධනය

ජන සමාජයේ යාවත්කාලීන කියමනක් තියෙනවා සිතේ තියෙන හැඟුමන් මුහුණෙන් ඉස්මතු වෙනව කියලා.
සිනහව කියන්නේ එහි ප්‍රධානම සංකේතයක් වෙනවා. සිනහා  වූ විට මුහුණ ප්‍රසන්න වෙනවා. කොතරම් ජීවිතයේ ගැටුම් ප්‍රශ්න හඬා වැටෙමින් තිබුණත් සිනහවෙලා මුහුණ ප්‍රසන්නව බාහිර සමාජයට පෙන්වන්න පුළුවන් නම් ඔබේ පෞරුෂ වර්ධනය සඳහා එය අනගි දායකත්වයක් සපයනවා. 
ඒ වගේම සිනහව ඔබගේ චරිතය ගුණාත්මක බව බාහිර පරිසරයට ඉස්මතු කරවන එක් කැඩපතක්ද වෙනවා.
කරුණාවන්ත බව, විශ්වාසවන්තභාවය, බුද්ධිමත්, නායකත්වයකින් හෙබි , ගෞරවණීය, ආදරණීය, ධනාත්මක සිතුවිලි දරන්නෙකු ආකර්ශණීය ,සමාජය කැපී පෙනෙන  චරිතයක් සහිතව හොඳ පෞර්ෂ වර්ධනයකින් හෙබි පුද්ගලයෙක් බවට ඔබ නිතැතින්ම පත්වෙනවා.

මේ විදියට බැලුවොත් සිනහව කියල කියන්නේ පුද්ගලික ජීවිතේ හොඳ පෞර්ෂ වර්ධනයක් සහිත ප්‍රසන්න පුද්ගලයකු බවට ඔබ නිතැතින්ම පත් කරවනවා. 

සිනහවෙන් සමාජයට ලැබෙන වාසි. 

සිනහා බෝ පිරුණු සමාජයක් කියලා කියන්නේ මානසික වගේම සෞඛ්‍ය සම්පන්න, නිරෝගී, ශක්තිමත්, එකමුතු, විශ්වාසවන්තභාවය පිරුණු ආදරණීය ,වැරදි වැටහීම්වලින් තොර සාමකාමී ,පරිසරයක් සමාජය තුළ ඉබේම බිහි කරවනවා.


ජීවිතයටම සිනහව දැකල නැති පුද්ගලයන් සමාජය තුළ ඉන්නවා.


කොතරම් සිනහව ජීවිතයට වැදගත් වුවත් ඒයින් සමස්ත ජීවිතයටම සිරුරටම නිරෝගි සුවයක් ලබා දුන්නත් සමහර පුද්ගලයන් සිනහව ජීවිත කාලය පුරාම නොදැක සිටිනා සේ සිටිනවා. 

මෙලෙස හැසිරෙන පුද්ගලයන් ජීවිතය පුරාම සිටින්නේ අයහපත් ප්‍රතිඵල රැසක් එක්කාසු කරගෙනයි. 

පවුලේ අයගෙන්, සමාජයෙන්, හුදකලා වීමක් වෙනවා, දීර්ඝකාලීන ආතතිය තත්ත්වයකට පත්වීම, අන් අය ඉදිරියේ පිළිකුල් සහගත චරිතයක් බවට පත්වීම, දුර්වල මනෝභාවයක් ඉස්මතු වීම, ඉක්මනින් රෝග වලට ගොදුරු වීම, පෞෂ වර්ධනය දුර්වල වීම, දුර්වල මනසක් සහිත සමාජයකට එකතුවීම, ප්‍රතිශක්තිය දුර්වල වීම, ජීවිතයේ තනිවීම වැනි අයහපත් ප්‍රතිඵල රැසක් සිනහව සඟවාගෙන සිටීමෙන් පුද්ගල ජීවිතයට එකතු වෙනවා. 


සිනහව නොමැති මුහුණකට සිනහව ලබාදිය හැකි සත්කාරයන් බොහෝ තිබෙනවා. 


සිනහව කියන දේ උත්පත්තියෙන්ම ගෙන එන දෙයක් නෙමෙයි.
පුහුණුවකින්, අත්දැකීමකින් ලබාගත යුතු දෙයක් ලෙස මනෝවිද්‍යාව තුළ හඳුන්වනවා. 

සිනහව ජීවිතයට ලබාගත හැකි සත්කාර බොහෝ තිබෙනවා. 
එතනදී මෙය ලබාදෙන්නේ ඖෂධයක් ලෙස නොවෙයි. සත්කාරයක් ලෙසටයි. පුද්ගලයා සතු සෘණාත්මක සිතුවිලි හඳුනාගෙන  ධනාත්මක සිතුවිලිවලට හැරවීම එක් සත්කාර ක්‍රමයක් වෙනවා. 

දෙවන ක්‍රමය ලෙස ඔබට මෙය සරලව ගෙදරදි වුනත් පහසුවෙන් කළ හැකි දෙයක් වෙනවා. 
එනම් ඔබ මුහුණ බලන කණ්ණාඩිය ඉදිරියට ගොස් හොඳින් සිනාසීමට පුරුදු වීමයි. එය ඔබට තනිවම කළ හැකියි . එමගින් ඔබ ගැන හඳුනාගෙන ,හැඟුමන් හඳුනාගත හැකි සරල ක්‍රමයක් වෙනවා. එය මනෝ විද්‍යාත්මකව පැත්තෙන් බැලූ විට ජීවිතයට ධනාත්මක වර්ධනයක්ද සිදුකළ හැකි දෙයක් වෙනවා. මෙය ඔබට උදේ අවදි වූ සැණින් කන්නාඩියක් ඉදිරියට ගොස් කල හැකියි .එයින් මූණේ මාංශ පේශි හොඳින් ක්‍රියාත්මක වී රුධිර ගමනය හොඳින් සිදුවී හදවතටද සුවපත් භාවයක් ලැබෙනවා. 

තුන්වන ක්‍රියාදාමය ලෙස ජීවිතයට දිනපතා සතුට දනවන ක්‍රියාකාරකම් සිදුකරන්න උත්සාහ ගන්න. 

හතරවන පියවර ලෙස ඔබට මනෝ උපදේශනවලට යොමුවෙන්න පුළුවන්. 

පස්වන පියවර ලෙස නෝවිද්‍යාත්මකව වගේම ලෝකයම අද පිළිගත් දෙයක් වන ලාෆින් තෙරපි  මෙය හිතාමත් සාර්ථක ක්‍රමයක් වෙනවා.
 විද්‍යාත්මකව සාර්ථක ක්‍රමයක් වන අතර ලාෆ්ටර්  තෙරපි ,ලාෆින් තෙරපී, හියුමර් තෙරපි වැනි විවිධ නම් වලින් හඳුන්වනවා. 

මෙමගින් හෘද ස්පන්දනය, රුධිර සංසාරණය ක්‍රමවත්ව වර්ධනය වීමක් සිදු වී, මානසික සුවයක් ඇති කරවමින් සමූහයක් සමඟ සිනාසීමට පුරුදු කරවනවා, මානසික රෝගවලට සුවදායක වෙනවා ,සුව නින්දක් ලබා දෙනවා , මෙම තෙරපී ක්‍රමය අද වෙද්දී අපේ රටෙත් හිතාම ජනප්‍රිය වෙමින් පවතින දෙයක් වෙනවා.

සටහන 
මහේෂානි මීගහපොල

උපදෙස්
ප්‍රවීණ මනෝ උපදේශිකා
දිල්හානි කරුණාතිලක

ටී.ආර්.ආර්. රාජන් කන්ද උඩරට දූරදර්ශී නායකත්වය Read Previous

ටී.ආර්.ආර්. රාජන් කන්ද උඩරට දූරදර්ශී නායකත්වය

ඔබගේ ග්‍රාහකයා වෙනත් ඇමතුමක් හා සම්බන්ධ වී සිටියි Read Next

ඔබගේ ග්‍රාහකයා වෙනත් ඇමතුමක් හා සම්බන්ධ වී සිටියි

Realted Post

Leave a comment