තොල් අවපැහැ වෙන්නේ මේ නිසා
සුන්දර දෙතොල් කියන්නේ කෙනෙකුගේ පෞරුෂය ලස්සනට ඉස්මතු කරවන කැඩපතක්. රෝස පැහැති දෙතොල් කියන්නේ නිරෝගී බවේ සංකේතයක්ද වෙනවා. දෙතොලේ සැඟවුණු ගැටලුව මොනවාදැයි සහ ඒවාට ගත යුතු පිළියම් මොනවාද යන්නයි මේ විමසුම.
අව පැහැ ගැන්වීම රූපලාවන්‍ය ගැටලුවක් ද එහෙම නැත්නම් සිරුර ඇතුළත සැඟවුණු ගැටලුවක්ද?
මේ රූපලාවන්‍ය ගැටළුවක් වගේම සිරුරේ සැඟවුණු රෝගයක ලක්ෂණයක් වෙන්නත් පුළුවන්.
මෙයට බලපාන හේතු තිබෙනවාද?
බොහෝ හේතු තිබෙනවා. මෙලනින් වර්ණකය වැඩිපුර නිෂ්පාදනය වීම.
- දුම් පානය.
- කැෆේන් අධිකව භාවිතය.
- විජලනය.
- අසාත්මිකතා.
- ඒ වගේම අභ්‍යන්තර රෝග සංඥා.
- රක්ත හීනතාවය.
- ඔක්සිජන් ඌන වීම.
- හෝමෝන අසමතුලිතතාව.
- විටමින් ඌනතාව.
ඇඩිසන් රෝගය (අධි වෘක්ක ග්‍රන්ථි ක්‍රියාකාරිත්වය දුර්වල වීම නිසා මෙලනින් නිෂ්පාදනය ඉහළ යාම හේතුවෙන් තොල් විදුරුමස් කලු පැහැති වීම)
ලක්ෂණ.
රූපලාවන්‍ය නිෂ්පාදන අසාත්මිකතා වීමේදී කොරල මෙන් මතුවී, වියළි කැබලි ගැලවීම, සියුම් බිබිලි දැමීම, ඉදිමුම, රතුවීම, දැවිල්ල, කැසිල්ල, දෙතොල් දාරයේ දිගේ තද කළු පැහැති රේඛාවක් මතුවීම.
ජීවන / ආහාර රටාව සාදාගන්න.
ප්‍රමාණවත් තරම් ජලය පානය කරන්න.
එළවළු ,පලතුරු, පලා වර්ග අඩංගු පෝෂණිය ආහාර වේලක් ලබාගන්න.
දුම් පානයෙන් වැළකෙන්න.
තොල් කෙලවලින් පෙඟවීම වගේම සැපීම නොකරන්න.
ගුණාත්මක ලිප් බාම් ඇතුළු ගුණාත්මක ප්‍රමිති ගත රූපලාවන්‍ය ආලේපන භාවිත කරන්න.
නින්දට පෙර දෙදොල් හොඳින් පිරිසුදු කර පොල්තෙල් හෝ වැස්ලින් ආලේප කරන්න
විශේෂ උපදෙස්.
ඒත් ස්වභාවික සත්කාර සිදුකළත් ඉන් කිසිදු ප්‍රතිඵලයක් නොලැබේ නම් සුදුසුකම්ලත් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සිදුකරන්න.
සටහන - මහේෂානි මීගහපොල.
උපදෙස් - හෝමියෝපති වෛද්‍ය නිලුක්ෂි තෙන්නකෝන්.

Leave a comment