නිරොගී වයස්ගත් වීමකට යෝග
2026 වසරේ ජාත්‍යන්තර යෝගා දිනය 12 වැනි වරට සමරනු ලබන අතර, මෙවර තේමාව ලෙස තෝරාගෙන ඇත්තේ Yoga for Healthy Ageing” (නිරෝගී වයස්ගත වීම සඳහා යෝගා) යන්නයි.
මෙම තේමාව මඟින් සියලුම වයස් කාණ්ඩ සඳහා යෝගාවේ වැදගත්කම අවධාරණය කරයි. විශේෂයෙන් වයස්ගත වන පුද්ගලයන්ට ක්‍රියාශීලීව, ස්වාධීනව සහ සමාජය සමඟ සම්බන්ධව ජීවත් වීමට අවශ්‍ය ශාරීරික හා මානසික හැකියාවන් පවත්වා ගැනීමට යෝගාව උපකාරී වන බව අවධාරණය කෙරේ.
මෘදු චලන, විවිධ යෝග අභ්‍යාස, හුස්ම ගැනීමේ ක්‍රම සහ සිහිකල්පනාව (Mindfulness) එකට එක්කරන යෝග පුහුණුව මඟින් සමබරතාවය, නම්‍යශීලීභාවය, ශක්තිය සහ ශරීරයේ චලන හැකියාව වැඩිදියුණු කිරීමට හැකි වේ. එමෙන්ම මානසික සෞඛ්‍යය ශක්තිමත් කරමින් ආතතිය පාලනය කිරීමටද උපකාරී වේ.
යෝගවල විශේෂත්වය වන්නේ පුද්ගලයාගේ ශාරීරික හැකියාවන් සහ සෞඛ්‍ය තත්ත්වය අනුව එය සකස් කරගත හැකි වීමයි. ඒ හේතුවෙන් වැඩිහිටියන්ට තම ශාරීරික හා මානසික සුවතාව රැක ගැනීම සඳහා පහසු සහ ප්‍රවේශ විය හැකි ක්‍රමයක් ලෙස යෝගාව සැලකේ.
මෙම ප්‍රතිලාභ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) 2021-2030 Healthy Ageing Decade වැඩසටහනේ ප්‍රධාන අරමුණු රැසකටද අනුකූල වේ. ස්වාධීන ජීවිතයක් ප්‍රවර්ධනය කිරීම, වැටීම් අවදානම අඩු කිරීම, ජීවන තත්ත්වය ඉහළ නැංවීම සහ පුද්ගල කේන්ද්‍රීය සෞඛ්‍ය ප්‍රවේශයන් දිරිගැන්වීම ඒ අතර වේ.
යෝග යනු ඉන්දියාවේ ආරම්භ වූ පුරාණ ශාරීරික, මානසික සහ ආධ්‍යාත්මික පුහුණු ක්‍රමයකි. “යෝග” යන වචනය සංස්කෘත භාෂාවෙන් පැමිණ ඇති අතර එහි අර්ථය “එකතු කිරීම” හෝ “එකමුතු කිරීම” යන්නයි. එය ශරීරය, මනස සහ චේතනාව අතර ඇති එකමුතුකම නිරූපණය කරයි. අද වන විට යෝග ලොව පුරා විවිධ ආකාරවලින් පුහුණු කරනු ලබන අතර එහි ජනප්‍රියත්වය තවදුරටත් වර්ධනය වෙමින් පවතී.
යෝග ජාත්‍යන්තර වශයෙන් 2014 දෙසැම්බර් 11 වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කළ යෝජනාවක් මඟින් ජූනි 21 වන දින ජාත්‍යන්තර යෝගා දිනය ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. මෙම යෝජනාව ඉන්දියාව විසින් ඉදිරිපත් කළ අතර සාමාජික රටවල් 175ක් එයට සහයෝගය පළ කළේය. එය එක්සත් ජාතීන්ගේ ඉතිහාසයේ වැඩිම සහයෝගයක් හිමි වූ යෝජනා අතරින් එකක් ලෙස සැලකේ.
එම අවස්ථාවේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සඳහන් කළේ, “යෝග අපගේ පුරාණ සම්ප්‍රදායෙන් ලැබුණු අමිල ත්‍යාගයකි. එය ශරීරය හා මනස, සිතුවිලි හා ක්‍රියාවන් අතර එකමුතුකම නිරූපණය කරයි. යෝගාව හුදෙක් ව්‍යායාමයක් නොව, ඔබ, ලෝකය සහ සොබාදහම අතර ඇති එකමුතුකම සොයා ගැනීමේ මාර්ගයකි” යනුවෙනි.
ලෝක සෞඛ්‍ය සංවිධානයද (WHO) ශාරීරික අක්‍රියතාවය ලොව මරණ සඳහා බලපාන ප්‍රධාන හේතු අතරින් එකක් බව පෙන්වා දෙයි. හෘද රෝග, පිළිකා සහ දියවැඩියාව වැනි බෝ නොවන රෝග සඳහාද එය ප්‍රධාන අවදානම් සාධකයකි.
කෙසේ වෙතත්, යෝග ශාරීරික ව්‍යායාමයකට පමණක් සීමා නොවේ. ප්‍රකට යෝගා ගුරු බී.කේ.එස්. අයියංගාර් පවසන පරිදි, “යෝග දෛනික ජීවිතයේ සමබර ආකල්පයක් පවත්වා ගැනීමට අපව පුහුණු කරන අතර, අපගේ සෑම ක්‍රියාවක්ම කාර්යක්ෂමව ඉටු කිරීමේ හැකියාව ලබා දෙයි.” මෙලෙස යෝග ගත මනස සංසුන් නිරවුල් කරන්නක් මෙන්ම සෞක්‍ය සම්පන්න ජිවිතයකටද උපකාරී වන්නකි.
අශන්ති වරුණසූරිය


Leave a comment