විවාහ වූ ඔබට ලස්සනට පවුල් කන්න උපදෙස් කිහිපයක්
විවාහ වෙන්න කලින් නම් ලස්සන ගැන කාන්තා ඔබ නිතර දෙවෙලේ වෙහෙසෙනවා.
හැබැයි ඔබ ට විවාහ ජීවිතයට ඇතුළු වූ ටික දිනක් ගත වූ පසු දරුවකු කුසට ආවිගස තමන් ගැන අවධානය අඩු කරනවා.
එතනදී ඉතින් සැමියා ලස්සනට කාර්යාලයට ගියත් ඔබ දකින්නේ නුහුරටයි.
එහෙම නැත්නම් සැමියා ඔබ අතර වාද විවාද වැඩිවෙලා විවාහය දෙදරුම් කන තත්ත්වයට පවා පත් කරගන්නේ ඔබමයි.
එලෙස නොවීමට කාන්තා ඔබ දැනගත යුතුයි.
කාන්තාවක් විවාහ වුණාම ලස්සනට පිළිවෙලට පවුල් කන්නේ කොහොමද කියල තමයි මේ කතා කරන්න සූදානම;
කාන්තාවක් වූ ඔබ හිතාමත් ලස්සනට සුන්දරව පවුල් ජීවිතේ වගේම බාහිර සමාජයේදීත් ඔබ ලස්සනට ප්‍රියමනාපව සිටිය යුතුයි. දෙමාපියන් ගාව බොහෝම ලස්සනට හැදෙන දියණියක් සමහර වෙලාවට සැමියාගේ ගෙදර තමයි විවාහ වෙලා ජීවත් වෙන්න යන්නේ.
එහෙම නැත්නම් තමන්ගේ අම්මා තාත්තා ළඟ ඉන්නවා වෙන්නත් පුළුවන්.
මේ කොයි තැන සිටියත් තමන් දැන් බිරිඳක් විදියට වගකීම් දරා ගැනීමට සූදානම් විය යුතුයි.
පෙම්වතියගේ චරිතයට වඩා බිරිඳ කියන්නේ බොහෝම වගකීම් සහිත ගත කළ යුතුයි.
මෙලෙස පුරුදු වුවහොත් බොහෝම ලස්සන පවුල් ජීවිතයක් ඔබ දෙදෙනාටම ගත කරන්න පුළුවන්.
බොහෝ දෙමව්පියෝ දියණියක් පුතෙක් වෙලා තමන් ළඟ ඉන්න කාලෙදි රසවත් කෑම බීම හදලා දෙනවා සමහර අවස්ථාවලදී කවන අවස්ථාවලුත් තියෙනවා. ඇඳුම් සෝදලා මැදල පවා දෙනවා.
දරුවන්ට දෙයක් තනියම කරන්න ඉඩ දෙන අවස්ථාව අඩුයි. හැබැයි විවාහ වුනාට පස්සේ මේ දේවල් තනියම කරන්න ඉඩ හැරිය යුතුයි.
සමාජයේ දී දකිනවා සමහර අවස්ථාවල දෙමව්පියෝ දරුවෝ විවාහ වුණා කියලා අමතක කරලා මෙවැනි දේවල් කරන්න යනවා. දෙමාපියෝ විදියට හිතන්න ඕනි එයාල දැන් වෙනම ජීවිතයකට හුරු විය යුතුයි කියන දෙය.
විවාහයට පෙර දරුවන්ට විවාහයට සූදානම් කර විවාහ කරලීමෙන් අඩුපාඩු ප්‍රශ්න අඩුවෙන් ඇතිවී සතුටින් ජීවත්වීමට පුළුවන්කම තිබෙනවා.
විශේෂයෙන් තනියම ජීවිතයට හුරු නොවීමෙන් ජීවිතය අසම්පූර්ණ වී බොහෝ ප්‍රශ්න ගැටලුවට මුහුණ පෑමට සිදුවෙනවා.
නව ජීවිතයේ පටන් ගත්ත තැන උසාවි ගානේ රස්තියාදු වෙන මට්ටමකට පත්වෙන්න පුළුවන්.
සමහර කාන්තාව දකිනවා රෑ ඇඳුම පිටින් හවස් වෙනකම්ම ඉන්නවා උදේ මහත්තය ඔෆිස් ගිහින් සවස ගෙදර එනතුරුත් ඊයේ ඇඳගත් ඇඳුම පිටින් ගෙදර වැඩපළ දවසේම කරනවා. මේ වගේ අවස්ථා ඉතාමත් අප්‍රසන්න සිද්ධීන්.
ඔබ හැමදාම රාත්‍රියට ඇදගත් හොඳම උදෑසන ඔබේ කාමරයෙන් ගලවා තබා මුහුණකට සෝදා ගෙන පිළිවෙලට ඇඳුමක් ඇඳගෙන උදේ අනික් වැඩ ටිකට එන්නකෝ කොතරම් සිරියාවන්තද කියල බලන්නකෝ.
අපේ ආත්තම් වල නම් මේවට කියන්නේ උදේම දසුන් දැක්කම ශ්‍රියාකාන්තාව ගෙදරට එනවා කියලයි.
නයිටිය පිටින් දවසේම ඉන්නවා දැක්කහම මුහුදේව ගෙදරට එනවා කියලයි ඔවුන් නම් කියන්නේ.
ඒ කතාවල සත්‍යතාවයකුත් තියෙනවා. ඔබත් කැමැති ඔබේ ගෙදරට ක්‍රියාකාන්තව වඩිනවා නම් නේද?
එහෙනම් රාත්‍රී ඇඳුම ගලවලා මුහුණ හෝදලා ඔබ නැවුම් වීම තුළ ඔබේ සැමියාට දරුවන්ට ඔබ ගැන දෙවරක් හැරී බලා සතුටු වෙන්න පුලුවන්. ඒ වගේම සැමියාගේ නෙත් සිත ඔබ ළඟම තියාගන්න පුංචි ටිෆ්ට් එකකුත් වෙනවා.
විවාහ වුණා කියලා තමන් ගැන නොහිතා ඉන්න එපා.
අනේ දැන් මම බැඳලානේ කවුරු බලන්නද කියලා.
ඒකෙන්ම ඔබගේ ජීවිතයනෙගටිව් වෙන්න පුළුවන්. දැන්දා කියලා නැහැ ඔබ ලස්සනට ඉන්න එක සැමියාට දරුවන්ට එය ආඩම්බරයක් වගේම සමාජයට ගියාම ඔයාගෙන ඕන හරිම ලස්සනයි. ඔයාගේ අම්මා හරිම ලස්සනයි පිළිවෙලයි මේ වගේ වචන විවාහය තවත් ශක්තිමත්ව ආදරණීය කරවයි.
ඒ වගේම දෙදෙනාට දෙදෙනා ආදරණීය කතාබහ එකිනෙකට ගෞරව කරලීමද පවුල් ජීවිතය අර දඹර වලින් තොර කර ගත හැකියි.
කාන්තාවක් කියන්නේ මේ සමාජයට රටට ආදර්ශමත් විය යුතුයි. ඇය දියණියක් කාරුණික බිරිඳක් මවක් මිත්තණියක් ලෙස ඉතාමත් ගෞරවන්විත ය අභිමානාත්මකව ආදර්ශමත්ව යා ජීවිතය ආදරණීයව ගත කළ යුතුයි.
සටහන - මහේෂානි මීගහපොල.
අදහස් දැක්වීම-
පෞරුෂ සංවර්ධන සහා මනෝ උපදේශිකා
දීප්ති පෙරේරා.
Leave a comment