වීනස් දෙව්දුව ලෙස අන්වර්ථ නාමයක් ලබන්නට ඇය කෙතරම් සුරූපීව සිටින්නට ඇත්ද?

1960 වසරේ තිරගත වන Mughal-E-Azam චිත්‍රපටියේ බොහෝ දසුන් රූගත වන්නේ චිත්‍රාගාරයක් තුළයි.  

නමුත් මධුබාලා රඟපෑ දසුන් කීපයක්  එළිමහනේ රූගත කිරීමට K.Asif තීරණය කර තිබුණා. 

එහි කලා අධ්‍යක්ෂක වරයා සේම මාධුබාලාගේ පියා K. Asif ට මුලින් පවසා තිබුනේ මධුබාලා එළියේ රූගත කිරීම් වලට ගන්නට පෙර ප්‍රදේශයේ පොලීසියට දැනුම් දෙන ලෙසටයි.

නමුත් K. Asif මධුබාලට වඩා ආරක්ෂාව අවශ්‍යවන්නේ දිලීප් කුමාර්ට කියා සිතූ අතර, ඔහු පොලීසියට මේ බව දැනුම් දී නෑ. 

අවසානයේ සිදුවන්නේ නොසිතූ දෙයක්.

දිලීප්ගේ එළිමහන් රූගත කිරීම් කිරීමේදී නරඹන්නට පැමිණි පිරිසට වඩා වැඩි පිරිසක් මධුබාලාගේ දර්ශනතලයට පැමිණීම K. Asif ට අදහාගන්නට නොහැකි වී තිබෙනවා. 

මෙය පාලනය කිරීමට ඔහුට සහ කාර්‍යමන්ඩලයට නොහැකි වන්නේ ඔවුන් මධුබාලා දැකීමට පොරකෑම නිසයි.

ඒ යුගයේ සිටි බොහෝ ආඩම්බරකාර නළු නිළියන්ට වඩා මාධුබාලා හාත්පසින්ම වෙනස් වූ නිළියක් වූ අතර, රූගතකිරීම් පරිශ්‍රයේදී ඇගේ නිරහංකාර සිනහව සහ සුරූපී රුව දකින්න මිනිසුන් උමතුවෙන් මෙන් පෙළගැසී සිටි බවයි වාර්තා වන්නේ. 

ඉතින් බොලිවුඩ් සිනමාවේ වීන්ස් දෙව්දුව සේම මුල්ම රැජින ලෙස ඇය අභිසෙස් ලබන්නේ මෙන්න මේ අංගසම්පූණ පරිපූර්ණත්වය  නිසාමයි. 

බාලදක්ෂ නිර්මාතෘ බේඩන් පවෙල් සාමිතුමන්ගේ 169 වන ජන්ම දින සැමරුම මහනුවරදී Read Previous

බාලදක්ෂ නිර්මාතෘ බේඩන් පවෙල් සාමිතුමන්ගේ 169 වන ජන්ම දින සැමරුම මහනුවරදී

වැඩි වෙන රස්නෙන් ආරක්ෂා වෙන්න.. Read Next

වැඩි වෙන රස්නෙන් ආරක්ෂා වෙන්න..

Realted Post

Leave a comment