බන්දුල පෙතියා වෙසෙන භූමිය සංරක්ෂණ කලාපයක් බවට පත් කරයි

බන්දුල පෙතියා නම් මත්ස්‍යයා ශ්‍රී ලංකාවටම ආවේණික වූ මත්ස්‍ය විශේෂයකි. මෙම බන්දුල පෙතියා මත්ස්‍යයා වෙසෙන භූමිය සංරක්ෂණ කලාපයක් බවට පත්කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබේ.

 

ඒ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් පරිසර අමාත්‍යාංශය පවසා සිටියේ, ජුනි මස 2 වැනි දින, එනම් හෙට දිනට යෙදී ඇති ජෛව විවිධත්ව දිනය වෙනුවෙන් සිදු කරනු ලබන විශේෂ වැඩසටහන් මාලාව යටතේ මෙම තීරණය ක්‍රියාත්මක කරනු ලබන බවයි.

බන්දුලපෙතියා මත්ස්‍යයා හමුවන්නේ මෙරට වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටි ගලපිටගම ආශ්‍රයෙන් පමණි. එම මත්ස්‍යය විශේෂය ජීවත් වන මෙම කලාපය සංරක්ෂණය කිරීමේ වැඩසටහන වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් සිදු කරනු ලබයි. මෙහිදී බන්දුල පෙතියා මත්ස්‍ය විශේෂය  වෙසෙන ජලාශ ආශ්‍රිතව රුක්රෝපන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටද කටයුතු සූදානම් කර තිබේ.

සටහන: විශ්වනී හසලා

විදේශ අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 සම්මානය Read Previous

විදේශ අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 සම්මානය

විදේශ අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 සම්මානය Read Next

විදේශ අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 සම්මානය

Realted Post

Leave a comment