අගමැතිට වෙන්කර තිබූ ගිලන්රථ සහ වෛද්‍ය ඒකකය යළි මහජන සේවයට

අග්‍රාමාත්‍ය කාර්යාල⁣යේ ස්ථාපිත කර තිබූ වෛද්‍ය ඒකකය විසිරුවා හැර එහි සේවය කළ වෛද්‍ය නිලධාරීින් සහ සේවක පිරිස, සෞඛ්‍ය උපකරණ, ⁣ඖෂධ  සහ ගිලන් රථ දෙක යළි සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ලබා දීම අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05)   පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී සිදු කෙරීණ. 

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල  මහතා වෙත ඊට අදාල ලිපි ලේඛන සහ යතුරු භාර දීම මෙහිදී සිදු විය.

අනවශ්‍ය වියදම් අවම කිරීමට රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණය අනුව  වෛද්‍ය ඒකකය සතු  මානව සහ භෞතික සම්පත් සෞඛ්‍ය අමාත්‍යංශයට භාර දීමෙන් අනතුරුව  මහජනතාවගේ සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් භාවිත කිරීමට නියමිතය.

මේ තරම්  වැටුණේ නැහැ කවදාවත්. ඒත් මාව වට්ටන්න බැහැ Read Previous

මේ තරම් වැටුණේ නැහැ කවදාවත්. ඒත් මාව වට්ටන්න බැහැ

මේ තරම්  වැටුණේ නැහැ කවදාවත්. ඒත් මාව වට්ටන්න බැහැ Read Next

මේ තරම් වැටුණේ නැහැ කවදාවත්. ඒත් මාව වට්ටන්න බැහැ

Realted Post

Leave a comment