අග්‍රාමාත්‍ය කාර්‍යාලයේ තෛපොංගල් දිනය

අස්වනු නෙළීම සංකේතවත් කරමින් සැමරෙන සාම්ප්‍රදායික තෛපොංගල්  උත්සවය වෙනුවෙන් අදාළ චාරිත්‍ර ඉටු කිරීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරියගේ ප්‍රධානත්වයෙන් ජනවාරි 14 දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී  පැවැත්විණි. 

පොංගල් බත සැකසීම ඇතුළු සාම්ප්‍රදායික චාරිත්‍ර වලට මුල් තැන දෙමින් උත්සවය සැමරීම සිදු කෙරිණි. අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරීන් විසින් නර්තත හා ගායන අංග කිහිපයක් ඉදිරිපත් කිරීමද මෙහිදී සිදුවිය.

මෙම අවස්ථාවට ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් , අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි යන මහත්වරුන් ඇතුළු අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

සීතලට ඔට්ටු නැතිනම් මේ කඳවුරු භූමියට යන්න එපා. Read Previous

සීතලට ඔට්ටු නැතිනම් මේ කඳවුරු භූමියට යන්න එපා.

තක්කාලි වලින් රූ සත්කාර Read Next

තක්කාලි වලින් රූ සත්කාර

Realted Post

Leave a comment