කාලගුණේ රතු වෙලා - පරිස්සමින්

පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කඩුවෙල යාකාල වැලිහිද ඇල හරහා ඉදිකරමින් පවතින පාලමක් හරහා ගමන් කිරීමට ගිය 39 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී අතුරුදහන් වී ඇතැයි නවගමුව පොලිසිය පවසයි

මෙම ඉදිකරමින් පවතින පාලමේ කොන්ක්‍රීට් බට වගයක් යොදා සකස් කර තිබූ ස්ථානයකින් තවත් දෙදෙනෙකු සමග අතුරුදහන් වූ පුද්ගලයා ජලය පිරී තිබියදී ගමන් කිරීමට යාමේදී එක්වරම ලිස්සා ගොස් අතුරුදහන් වී ඇතැයි ද පොලිසිය පවසයි

මේ වන විට වැසි තත්ත්වය සමඟ ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් හා ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත්කොට තිබේ.

 මෙම තත්ත්වය සමඟ ගම් රැසක ජනතාවගේ දෛනික   වැඩ කටයුතු අඩාල වීම නිසා පීඩාවට පත්ව සිටී.මෙම වායුගෝලයේ කැලඹිලි ස්වභාවය ඉදිරියටත් පැවතිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  තවදුරටත් ප්‍රකාශ කර සිටියේය.

මේ තරම්  වැටුණේ නැහැ කවදාවත්. ඒත් මාව වට්ටන්න බැහැ Read Previous

මේ තරම් වැටුණේ නැහැ කවදාවත්. ඒත් මාව වට්ටන්න බැහැ

සන්නිවේදනයේ තවත් සොඳුරු පියවරක්: 2026 චීන-ශ්‍රී ලංකා මාධ්‍ය සහයෝගිතා සහ හුවමාරු සම්මන්ත්‍රණය Read Next

සන්නිවේදනයේ තවත් සොඳුරු පියවරක්: 2026 චීන-ශ්‍රී ලංකා මාධ්‍ය සහයෝගිතා සහ හුවමාරු සම්මන්ත්‍රණය

Realted Post

Leave a comment