කැරම් ලෝක කුසලානයට යන ලංකාවෙ ජාතික කැරම් කණ්ඩායම

මෙවර ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන කැරම් ලෝක කුසලාන තරඟාවලියට ශ්‍රී ලංකා ජාතික කැරම් කණ්ඩායමේ  ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනෙකු සහභාගී වීමට නියමිතය.

2024 නොවැම්බර් මස 10 වන දින සිට 17 වන දින දක්වා ඇමරිකාවේ කැලිෆෝනියාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ හිදී පැවැත්වෙන සය වන ලෝක කැරම් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කණ්ඩායම් කළමණාකරු සමග මෙලෙස ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනෙකු සහභාගී වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙම සංචාරය සදහා රුපියල් මිලියන 5 ක මූල්‍යමය අනුග්‍රහයක් ලබා දෙයි. 

මෙහි කණ්ඩායම් කළමණාකරු ලෙස රනිල් අබේසිංහ මහතා කටයුතු කරන අතර, මොහොමඩ් ෂහීඩ්, අනාස් අහමඩ්, කවීන් නිම්නෙත් පීරිස්, දිනේෂ් නිශාන්ත ප්‍රනාන්දු යන ක්‍රීඩකයින් ද, ජෝසප් රෝෂිතා වඩුගේ, හිරුෂි මල්ෂානි පීරිස්, තරුෂි හිමහන්සිකා වීරසේකර, තස්මිලා කාවින්දි යන ක්‍රීඩිකාවන් ද තරගාවලිය සදහා සහභාගී වේ.    කණ්ඩායම අගමැතිනිය හමු වූ අවස්ථාවයි මේ. 

එහිදී අග්‍රාමාත්‍යවරිය ජයග්‍රහණය උදෙසා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට සුබ පැතුම් එක් කර ඇත.

හදිසි සහන ද්‍රව්‍ය රැගත් පාකිස්ථාන ගුවන් යානයක් මෙරටට ළගා වෙයි Read Previous

හදිසි සහන ද්‍රව්‍ය රැගත් පාකිස්ථාන ගුවන් යානයක් මෙරටට ළගා වෙයි

ඉතිහාසය සහ චිත්‍ර කලාව විෂයයන් තුළින්  දමිළ ඉතිහාසය සහ කලා කෘති පිළිබඳ කරුණු ඉවත් කර නැහැ Read Next

ඉතිහාසය සහ චිත්‍ර කලාව විෂයයන් තුළින් දමිළ ඉතිහාසය සහ කලා කෘති පිළිබඳ කරුණු ඉවත් කර නැහැ

Realted Post

Leave a comment