කැරම් ලෝක කුසලානයට යන ලංකාවෙ ජාතික කැරම් කණ්ඩායම

මෙවර ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන කැරම් ලෝක කුසලාන තරඟාවලියට ශ්‍රී ලංකා ජාතික කැරම් කණ්ඩායමේ  ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනෙකු සහභාගී වීමට නියමිතය.

2024 නොවැම්බර් මස 10 වන දින සිට 17 වන දින දක්වා ඇමරිකාවේ කැලිෆෝනියාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ හිදී පැවැත්වෙන සය වන ලෝක කැරම් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කණ්ඩායම් කළමණාකරු සමග මෙලෙස ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනෙකු සහභාගී වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙම සංචාරය සදහා රුපියල් මිලියන 5 ක මූල්‍යමය අනුග්‍රහයක් ලබා දෙයි. 

මෙහි කණ්ඩායම් කළමණාකරු ලෙස රනිල් අබේසිංහ මහතා කටයුතු කරන අතර, මොහොමඩ් ෂහීඩ්, අනාස් අහමඩ්, කවීන් නිම්නෙත් පීරිස්, දිනේෂ් නිශාන්ත ප්‍රනාන්දු යන ක්‍රීඩකයින් ද, ජෝසප් රෝෂිතා වඩුගේ, හිරුෂි මල්ෂානි පීරිස්, තරුෂි හිමහන්සිකා වීරසේකර, තස්මිලා කාවින්දි යන ක්‍රීඩිකාවන් ද තරගාවලිය සදහා සහභාගී වේ.    කණ්ඩායම අගමැතිනිය හමු වූ අවස්ථාවයි මේ. 

එහිදී අග්‍රාමාත්‍යවරිය ජයග්‍රහණය උදෙසා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට සුබ පැතුම් එක් කර ඇත.

රහයි ගුණයි දෙකම Lemon Pepper Salmon Read Previous

රහයි ගුණයි දෙකම Lemon Pepper Salmon

කේට්ගෙ ගමන බ්‍රිතාන්‍ය රාජකීය සම්ප්‍රදායම වෙනස් කළ හැටි Read Next

කේට්ගෙ ගමන බ්‍රිතාන්‍ය රාජකීය සම්ප්‍රදායම වෙනස් කළ හැටි

Realted Post

Leave a comment