පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති පුටුව අමාත්‍ය සරෝජාට

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය ඊයේ (03) පළමු වරට අග්‍රාමාත්‍ය ,ආචාර්ය හරිනි අමරසුරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. මේ අවස්ථාව සඳහා නියෝජ්‍ය කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හේමාලි වීරසේකර සහ පාර්ලිමේන්තුවේ මහලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ලේකම් කුෂානි රෝහණදීර යන මහත්මීන්ද එක්ව සිටියහ.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නව සභාපති ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය තේරීපත්විය. 

ඒ සඳහා වන නම පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ මහත්මිය විසින් යෝජනා කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී  අනුෂ්කා තිලකරත්න මහත්මිය විසින් එම යෝජනාව ස්ථිර කලාය.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නියෝජ්‍ය සම සභාපතිවරුන් දෙදෙනෙක්ද තේරීපත්විය. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී  චමින්ද්‍රානි බණ්ඩාර කිරිඇල්ල මහත්මිය නියෝජ්‍ය සම සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි විජේරත්න මහත්මියගේ යෝජනාවෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාරි ජයසිංහ මහත්මියගේ ස්ථිරත්වයෙන් තේරීපත්විය. 

තවද පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ මහත්මිය ද පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මහත්මියගේ යෝජනාවෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී  දීප්ති වාසලගේ මහත්මියගේ ස්ථිරත්වයෙන් නියෝජ්‍ය සම සභාපති ලෙස තේරීපත්විය.

මෙහිදී අදහස් දැක්වූ ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය, මහජනතාව විසින් ඡන්දයෙන් කාන්තාවන් සැලකියයුතු ප්‍රතිශතයක්, මන්ත්‍රීවරියන් ලෙස පාර්ලිමේන්තුවට තේරීපත්කර එවීම සුවිශේෂී ජයග්‍රහණයක් බව පෙන්වා දුන්නාය. ඉදිරියේදී කිසිදු දේශපාලන මතවාදයකින් තොරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය තුළ කටයුතු කිරීමේ වැදගත්කම ද මෙහිදී අග්‍රාමාත්‍යවරිය විසින් පෙන්වාා දුන්නාය.

එමෙන්ම මෙහිදී අදහස් දක්වමින් සංපදයේ සභාපති අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය විසින් මෙරට සෑම කාන්තාවක්ම සුරක්ෂිත වෙන රටක් නිර්මාණය කිරීම සංසදයේ අපේක්ෂාව බව පවසුවාය.

මෙහිදී සංසදය මගින් ඉදිරියේදී සිදු කිරීමට අපේක්ෂිත වැඩසටහන් හා ක්‍රියාමාර්ග පිළිබඳ අධ්‍යනය කර වාර්තා කිරීමට නියෝජ්‍ය සම සභාපතිවරියන් දෙදෙනාගේ ප්‍රධානත්වයෙන් අනු කමිටුවක්ද පිහිටුවනු ලැබීය. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී  රෝහිණි විජේරත්න මහත්මියගේ යෝජනාවකට අනුව ස්ත්‍රී - පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයට එරෙහි දිනය සිහිගන්වමින් එය සැමරීම ලබන 6 වැනිදා සිදුකිරීමටද නියමිතයි.

මේ අවස්ථාව සඳහා  අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන  රෝගීණි විජේරත්න, සමන්මලී ගුණසිංහ, චමින්ද්‍රානි බණ්ඩාර කිරි ඇල්ල, දීප්ති වාසලගේ, තුෂාරි ජයසිංහ, ඔෂානි උමංගා, ආචාර්ය කෞශල්‍ය ආරියරත්න, ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වී, ලක්මාලි හේමවන්ද්‍ර, ගීතා හේරත්, හිරුණි විජේසිංහ, අනුෂ්කා තිලකරත්න, සාගරිකා අතාවුද, එම්.ඒ.සී.එස්. චතුරි ගංගානි, නිලුෂා ලක්මාලි ගමගේ, ඒ.එම්.එම්.එම්. රත්වත්තේ, නිලන්ති කොට්ටහච්චි, හසාරා ලියනගේ, අම්බිකා සාමිවේල් යන මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

මාතලේ දිරිය කාන්තාවන් අගය කිරීමේ වැඩසටහනක් Read Previous

මාතලේ දිරිය කාන්තාවන් අගය කිරීමේ වැඩසටහනක්

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමාල් රාජපක්ෂ මහතාගෙන් කාන්තා දිනයට පණිවිඩයක්. Read Next

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමාල් රාජපක්ෂ මහතාගෙන් කාන්තා දිනයට පණිවිඩයක්.

Realted Post

Leave a comment