ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමට සැලසුම්

* ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය    බලශක්ති ක්ෂේත්‍රය සංවර්ධනයට ස්වීඩනයේ  අවධානය 

* ස්වීඩනයේ උසස් අධ්‍යාපන අවස්ථා සහ වීසා ගැටළු විසදීම කෙරෙහි ස්වීඩන් රජයේ  අවධානය


ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමට සහ  ස්වීඩනයේ සිටින ශ්‍රී ලාංකික සිසුන්ගේ අධ්‍යාපන අවස්ථා සහ වීසා දුෂ්කරතා අවම කිරීම කෙරෙහි ස්වීඩන්  රජයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අග්‍රාමාත්‍ය  අචාර්ය හරිනි අමරසූරිය සහ  ශ්‍රී ලංකාවේ ස්වීඩන් තානාපති ජෑන් තෙස්ලෙෆ් (Jan Thesleff) මහතා අතර ඊයේ (2024.10.04) පස්වරුවේ කොළඹ මල්පාරේ පිහිටි  අග්‍රාමාත්‍ය කාර්යාලයේ  පැවති සාකච්ඡාවකදීය.
මෙහිදී  නව අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනී අමරසූරිය පත්වීම පිළිබඳව තානාපතිවරයා  ස්වීඩන්  රජයේ සුභ පැතුම් එක් කළේය.
 
 ස්වීඩන් රජයේ  ආයෝජන සිදු කිරීමේදී මූලික වශයෙන් ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය කෙරෙහි අවධානය යොමු කර ඇති බවත් ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ස්වීඩන් රජයේ  අවධානය යොමු වී   බවත් ස්වීඩන් තානාපති ජෑන් තෙස්ලෙෆ් මහතා  සඳහන් කළේය. 

 විශේෂයෙන්ම ළමා පෝෂණය පිළිබඳ ප්‍රශ්නය ස්වීඩන් තානාපතිවරයාගේ අවධානයට යොමු කළ අග්‍රාමාත්‍යවරිය, ශ්‍රී ලංකාව කලාපය තුළ ඉහළ සෞඛ්‍ය දර්ශක පවත්වාගෙන ගියද, පාසල් සිසුන් අතර පෝෂණ අභියෝග තවමත් පවතින බව අවධාරණය කළාය. 

ස්වීඩනයේ සිටින ශ්‍රී ලාංකික සිසුන්ගේ උසස් අධ්‍යාපන අවස්ථා සහ ඔවුන් මුහුණ දී ඇති වීසා දුෂ්කරතා පිළිබඳවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ස්වීඩන් තානාපති ජෑන් තෙස්ලෙෆ් මහතාගේ අවධානයට යොමු කළාය.

 අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, ශ්‍රී ලංකාවේ ස්වීඩනයේ ගරු කොන්සල් ජනරාල් සංජය සුමන්ත්‍රි කුලතුංග, යුරෝපා සහ උතුරු අමෙරිකානු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ශෝබිනි කේ ගුණසේකර මහත්මිය ද මෙම හමුවට එක්ව සිටියහ.

කාන්තා දිනයදා  තෙල්දෙණිය ,දිගන සෙනරත්වෙල   පුස්තකාල මණ්ඩලය  කාන්තාවන්ට අත දෙයි Read Previous

කාන්තා දිනයදා තෙල්දෙණිය ,දිගන සෙනරත්වෙල පුස්තකාල මණ්ඩලය කාන්තාවන්ට අත දෙයි

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමාල් රාජපක්ෂ මහතාගෙන් කාන්තා දිනයට පණිවිඩයක්. Read Next

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමාල් රාජපක්ෂ මහතාගෙන් කාන්තා දිනයට පණිවිඩයක්.

Realted Post

Leave a comment