හිටපු අමාත්‍ය අමරවීර භාවිත කළ නිල නිවාසය සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලට -අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය-

මින් ඉදිරියට රට තුල ක්‍රියාත්මක කෙරෙණ සංවර්ධන ව්‍යාපෘතී  වල යෝග්‍යතාව හා ජනතාවට අත්වන ප්‍රතිලාභ සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් වගකව යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.

අග්‍රාමාත්‍යවරිය  මේ අදහස් පළ කළේ,  රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ඉදිරි සැලසුම් හා මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් ජ්‍යේෂ්ඨ නිලධාරීන් සමග පසුගියදා (09දා) එම අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදීය. 
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය,
දේශීය සහ විදේශීය මූල්‍ය ප්‍රතිපාදන යටතේ සිදු කරන රජයේ සියලු සංවර්ධන ව්‍යාපෘතිය වලදී රාජ්‍ය නිලධාරීන් සතු විශේෂඥ දැනුම භාවිත කරමින් අදාළ පාර්ශව සමග යහපත් සංවාදයක් ගොඩනගා ගැනීමේ හැකියාව ඔබ සතු විය යුතුයි. රජය ලෙස අවශ්‍ය මඟ පෙන්වීම අපි සිදු කරනවා.  ඒ නිසා එවැනි අවස්ථාවන් වලදී නිරන්තර අදාළ පාර්ශව සමග සාකච්ඡා සිදුකරන්න වග බලා ගන්න. ව්‍යාපෘති සිදු කිරීමේ දී රජයට වාසි සහගත තත්ත්වයක් යටතේ අදාළ සංවර්ධන ව්‍යාපෘතීන් සිදුකිරීමට රාජ්‍ය නිලධාරීන් ලෙස වගකීමක් ඔබට තියෙනවා.  මේ ව්‍යාපෘතීන් බොහොමයක් ණය ලෙස ලැබෙන දේවල්.  මේ සියල්ල යළි ගෙවීමට සිදුවන්නේ මේ රටේ ජනතාවට. ඒ නිසා ව්‍යාපෘති ආරම්භ කිරිමට පෙරාතුව අදාළ සංවර්ධන ව්‍යාපෘතිය රටට යෝග්‍යද නැද්ද යන්න පිළිබඳ මහජන මිත්‍රශීලී හැඟීමෙන් තීරණය කරන්න. එවැනි නිලධාරීන් වෙනුවෙන් අපේ රජය ඕනෑම විටක පෙනී සිටින්න සූදානම්. 
මෙතක් කලක් මේ රටේ නිදහස් දින උළෙල පැවැත් වුණේ  ප්‍රභූන් වෙනුවෙන්.  2025 සිට  නිදහස් උළෙල රටේ ජනතාව වෙනුවෙන්  පැවැත්වීමට රජය අපේක්ෂා කරනවා. නිදහස් උත්සවයෙන් පාසල් දරුවන්ට,  සාමන්‍ය ජනතාවට පීඩාවක් නොවන ලෙස සංවිධානය විය යුතුයි.  

අමාත්‍ය නිල නිවාස භාර දීම දේශපාලන පළිගැනීමක් ලෙස දකින්න එපා. අමාත්‍යධුර අහෝසි වීමත් සමග නිල නිවාස භාර දීම සිදුවිය යුත්තක්.  මෙතෙක් නිල නිවාස භාර නොදුන් අය වෙත යළි සිහි කැඳවීමක් කරන්න. ප්‍රතිචාර නොලැබෙනවා නම් නීතිය ක්‍රියාත්මක කරන්න. 
එමෙන්ම සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලට ඉඩමක් පැවරීම සම්බන්ධයෙන් සමාජයේ මතුව ඇති පුවත සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් අමාත්‍යංශ නිලධාරීන් විසින් අග්‍රාමාත්‍යතුමිය වෙත සිදු කරන ලදි. 
එහීදී අනාවරණය වූයේ, හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මහතා භාවිතා කළ නිල නිවාසය, 1994 වර්ෂයේදී එවකට අධ්‍යාපන අමාත්‍ය රිචඩ් පතිරණ මහතා විසින් ඉදිරිපත් කරන ලදුව කැබිනට් මණ්ඩලය මගින් සම්මත කරන ලද යෝජනාවක් මත අදාල පාසල දෙපසට වන්නට ඇති ඉඩම් කැබලි දෙකක් සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලට පැවරීමට එවක රජය තීරණය කොට තිබූ බවත්, අංක 11 දරණ ඉඩම අදාළ යෝජනාව සම්මත වීමත් සමගම පාසලට පැවරීමට එවක රජය කටයුතු කළද අංක 3 දරණ ඉඩමෙහි ඇමති නිල නිවාසයක් පැවතීම හේතුවෙන් මේ වන තෙක් පවරා ගැනීමක් සිදුව නොතිබුණ බවය.  ඒ අනුව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ කඩිනමින් අදාළ නිවස භාර ගෙන මැණුම් කටයුතු සිදු කර එකී ඉඩම පාසල වෙත භාර දීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසයි.

එතකොට අපිට කවදහරි අපරාදෙ කියලා කියන්න බැරි වේවී...    ජනප්‍රිය රංගන ශිල්පී සුරාජ් මාපා සමග කතාව විත් අශ් සිරිකත Online Read Previous

එතකොට අපිට කවදහරි අපරාදෙ කියලා කියන්න බැරි වේවී... ජනප්‍රිය රංගන ශිල්පී සුරාජ් මාපා සමග කතාව විත් අශ් සිරිකත Online

Lips  ලස්සන කරන Tips Read Next

Lips ලස්සන කරන Tips

Realted Post

Leave a comment