CPPCC හි උප සභාපතිනි අග්‍රාමාත්‍යවරිය හමුවෙයි

චීන මහජන දේශපාලන උපදේශන සම්මේලනයේ (CPPCC) ජාතික කමිටුවේ උප සභාපතිනි,  Qin Boyong මහත්මිය  දෙසැම්බර් 17 වැනිදා පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය  හමුවිය.  

 Qin Boyong මහත්මිය ඇතුළු දූත පිරිස පිළිගත් අග්‍රාමාත්‍යවරිය දෙරට අතර දීර්ඝකාලීන මිත්‍රත්වය අගය කරමින් ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කළාය. රෝග පාලනය, තිරසාර සංවර්ධනය සහ බහුවිධ ක්ෂේත්‍රයන්හි වෙළඳ සහ කාර්මික සම්බන්ධතාවන් ශක්තිමත් කිරීම පිළිබඳ මෙම හමුවේදී වැඩිදුරටත් සාකච්ඡා කෙරිණ. 

 ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත, අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් විජිතා බස්නායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ නැගෙනහිර ආසියාව පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් එස්. රුවන්ති දෙල්පිටිය සහ එම අංශයේ අධ්‍යක්ෂ උදානි ගුණවර්ධන යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

එළවලු කැට සලාදය Read Previous

එළවලු කැට සලාදය

දුෂ්කරවූ විල්ගමුවට සිසු සැරිය බස් දෙකක් Read Next

දුෂ්කරවූ විල්ගමුවට සිසු සැරිය බස් දෙකක්

Realted Post

Leave a comment