IMF නියෝජිතයන් අගමැති හමුවෙයි.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් අතර ඵලදායි සාකච්ඡාවක් (2024 10.4) දින පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණ.

 ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර සහයෝගීතාව තවදුරටත් පවත්වා ගැනීම පිළිබඳ මෙම හමුවේදී අවධානය යොමු විය. 

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, ආසියා ශාන්තිකර කලාපීය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෛද්‍ය ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් සහ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බ්‍රෙයර්, ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජානක එදිරිසිංහ, අග්නිදිග ආසියා සහ මධ්‍යම ආර්ථික කටයුතු (ද්විපාර්ශ්වික) ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ජනරාල් දර්ශන එම් පෙරේරා යන මහත්වරුන් මෙම සාකච්ඡාවට සහභාගී විය.

සමාජයට නායකත්වය දිය හැකි අනාගත පරපුරක් Read Previous

සමාජයට නායකත්වය දිය හැකි අනාගත පරපුරක්

සිහින අමුණන අද්භූත රෙදි වියන්නියෝ Read Next

සිහින අමුණන අද්භූත රෙදි වියන්නියෝ

Realted Post

Leave a comment