උසස් පෙළ අධ්‍යාපනය ලබන දරුවන් පාසලෙන් ඈත් වීම පිළිබඳ සොයා බැලේ

උසස් පෙළ අධ්‍යාපනය ලබන දරුවන් පාසලෙන් ඈත් වීම පිළිබඳ සොයා බැලිය  යුතු බවත්, කුමන හේතුවක් මත හෝ දරුවන්ට අධ්‍යාපන අවස්ථා මගහැරීම නතර විය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය. 

මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ  නිරීක්ෂණ චාරිකාවකට  එක්වෙමින්  අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සඳහන් කළේ ය. 

එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

වර්තමානයේ පාසල්වල උසස් පෙළ පන්තිකාමරවල දරුවන්‍ රැඳී සිටින්නේ ඉතා අඩුවෙන් විශේෂයෙන්  පිරිමි දරුවන් අධ්‍යාපන ක්‍රමයෙන් බොහෝදුරට ඈත්වෙමින් සිටිනවා.  කුමන සමාජ, ආර්ථික හේතුවක් පදනම් කරගෙන හෝ  දරුවන්ට අධ්‍යාපනය මගහැරීමට ඉඩ නොදිය යුතුයි.  පූර්ව ළමා විය සංවර්ධනයේ සිට දහතුන් වසරක පාසල් අධ්‍යාපනය වගේම උසස් අධ්‍යාපනය සඳහා ඉඩ ප්‍රස්ථා සෑම දරුවකුටම විවිරව තිබිය යුතුයි. පුද්ගල හා සමාජ පරිවර්තනයක් සිදු කිරීම අධ්‍යාපනයේ මුඛ්‍ය අරමුණක් කර ගැනීම ඉතා වැදගත්.

ජනතාව ඉල්ලා සිටින සමාජ පරිවර්තනය සිදු කිරීම වෙනුවෙන් පරිවර්තනීය අධ්‍යාපන වෙනස සිදු කිරීම හරහා මෙරට දරුවන්ට නව ලෝකයට විවෘත වීමට අවස්ථා විවර කර දීමට අපේ රජය ක්‍රියා කරනවා. සමාජයට වගකියන පුරවැසියකු බිහි කරගැනීම සඳහා අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන සෑම ප්‍රතිපාදනයක් ම අපි සලකන්නේ රටේ ඉදිරි  ආයෝජනයක් ලෙසයි.  දිගුකාලීන ප්‍රතිලාභ හිමි මෙම සංකීර්ණ ක්‍රියාවලිය වෙනුවෙන් ජාතික අධ්‍යාපන ආයතනයට සුවිශේෂ කාර්යභාරයක් පැවරෙන බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

ඔබත් ආහාර වේලවල් මගහරිනවාද? Read Previous

ඔබත් ආහාර වේලවල් මගහරිනවාද?

දුෂ්කරවූ විල්ගමුවට සිසු සැරිය බස් දෙකක් Read Next

දුෂ්කරවූ විල්ගමුවට සිසු සැරිය බස් දෙකක්

Realted Post

Leave a comment