ජනතාවට රජයෙන් ඉටුවිය යුතු සේවය ඉෂ්ට කරන්න සියලු දෙනාම කැප වෙන්න - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

පහුගිය මාස කීපය තුළ  රාජ්‍ය සේවකයින් ලබා දුන්න සහයෝගයට ස්තූතිවන්ත වන බවත්,  නව වසරේ පෙරටත් වඩා මහන්සියෙන් උද්යෝගයෙන්  යුතුව ජනතාවට රාජ්‍ය සේවයෙන් ඉටු විය  යුතු සේවය ඉෂ්ට කරන්න සියලු දෙනාම කැප විය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය. 

ජනාධිපති අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද ඇරඹී clean Sri lanka වැඩසටහනට සමගාමීව අග්‍රාමාත්‍ය කාර්යාලයේ වැඩ කටයුතු ආරම්භ කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සඳහන් කළේ ය.

මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා,

ජනතාව බලාපොරොත්තු වන වෙනස රට තුළ ඇති කිරීම සඳහා අපිට විශාල වගකීමක් පැවරිලා තියෙනවා.   වගකීම් යුතුකම් පිළිබඳ පෙරට වඩා අවධානයෙන්, වගකීමෙන් ජනතා බලාපොරොත්තු යථාර්ථයක් බවට පත් කර ගැනීම සඳහා කටයුතු කරන්න.  අපේ හැසිරීම, වැඩ කරන ස්වභාවය සහ සියලුම ආකාරය වෙනස් වීමක් ජනතාව බලාපොරොත්තු වෙනවා.  ඒ වෙනුවෙන් රාජ්‍ය සේවකයින් පෙළ ගැසෙන ලෙස අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා පැවසී ය. 

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම් වරුන්, සහකාර ලේකම්වරුන් ඇතුළු අග්‍රාමාත්‍ය කාර්යාලයේ සියලු නිලධාරීන් එක් විය.

සරසවිගම  කන්දක්  නාය යයි  නිවාස  හතක් විනාශයි..  මරණ  27  යි.. Read Previous

සරසවිගම කන්දක් නාය යයි නිවාස හතක් විනාශයි.. මරණ 27 යි..

මාතලේ පිඩාවට පත් ජනතාවට සහන සැලසීම් කටයුතු Read Next

මාතලේ පිඩාවට පත් ජනතාවට සහන සැලසීම් කටයුතු

Realted Post

Leave a comment