නත්තල් සුභ පැතුම් පණිවුඩය.

නත්තලේ සැබෑ අර්ථය වන සාමුහිකත්වය, කෘතඥතාව සහ සාමය පෙරදැරි කර ගනිමින් උදා වූ නත්තල ප්‍රීතිමත්ව සහ අර්ථාන්විතව ගත කරමු.

ජාතියක් වශයෙන් නැවත ගොඩනැගෙන මෙම පුනරුද සමයේ තම පවුල හා හිතමිත්‍රාදීන්  සමඟ කාලය ගත කිරීම ඉතා වැදගත් වේ. සාමුහිකව කටයුතු කිරීම, බෙදා හදා ගැනීම හා එකිනෙකාට සහය වීම මඟින් අපගේ සබදතා මෙන්ම ශක්තීන් ද වර්ධනය වේ.

නිරෝගී ජන ප්‍රජාවක් සහ ශක්තිමත් ජාතියක් ගොඩනැගීම ආරම්භ වන්නේ නිවසින් බව මෙවැනි සාමුහික ප්‍රයත්නයන් අපට මතක් කරදෙයි.

දේශිය මෙන්ම විදේශයන්හි සේවය කරන හා අත්‍යාවශ්‍ය සේවාවන්හි නිරත වන, මේ උත්සව සමය තම ආදරණීයයන් සමඟ ගත කළ නොහැකි පිරිස ද මේ මොහොතේ කෘතඥ පුර්වකව සිහිපත් කළ යුතුය.

ලෝකය පුරා පවතින විවිධ ගැටුම් හා ව්‍යසනයන් මධ්‍යයේ  කුඩා දරුවන් පවා මිය යන මෙවන් මොහොතක, අපි තවමත් අපේ හදවත් තුළ සාමයේ බලාපොරොත්තු දල්වාගෙන සිටිමු. පවුලක්, සමාජයක් හා ලෝකයක් ලෙස සමාව දීමේ සහ සමඟිව සිටිමේ වැදගත්කම නත්තල අපට සිහි ගන්වයි.

මෙම උත්සව සමයේදී අපගේ මෙන්ම අන් අයගේ ද ආරක්ෂාවට මුල් තැන දෙමින් සියළු දෙනා සමඟ සහයෝගයෙන් ප්‍රීතිමත්ව ගත කිරීමට වගබලා ගත යුතුය.
මෙම සමයේදී අන්‍යෝනය සබඳතා වැඩි දියුණු කර ගැනීමටත්, ඉවසීම වර්ධනය කර ගැනීමටත්, එකමුතුකම සහ අවබෝධය ඇති කර ගැනීමටත් අපි ඇප කැප වෙමු.

ඔබ සැමට සුභ නත්තලක් වේවා!

ආචාර්ය හරිනි අමරසූරිය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය

දැක්කම හිහ ඇදිලා යන එයාගේ විලාසිතාව බලන්නකෝ Read Previous

දැක්කම හිහ ඇදිලා යන එයාගේ විලාසිතාව බලන්නකෝ

දැක්කම හිහ ඇදිලා යන එයාගේ විලාසිතාව බලන්නකෝ Read Next

දැක්කම හිහ ඇදිලා යන එයාගේ විලාසිතාව බලන්නකෝ

Realted Post

Leave a comment