පූර්ව ළමා විය අධ්‍යාපනය හා සංවර්ධනය පිළිබද ජාතික ප්‍රතිපත්තියක් සකස් කෙරේ

පූර්ව ළමා විය අධ්‍යාපනය හා සංවර්ධනය පිළිබද ජාතික ප්‍රතිපත්තියක්  සකස් කෙරේ

 
මෙහි මුල් පියවර  අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් 'ඉසුරුපාය 'අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණ . ඒ සඳහා කාන්ත හා ළමා කටයුතු අමාත්‍යංශය  වෙනුවෙන් නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතා  සහභාගි විය. පූර්ව ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ අවශ්‍යතාවය දැඩිව මතු කළ අග්‍රාමාත්‍යතුමිය  එය මධ්‍යම රජයටත් සියලු පළාත් වලටත් එක ලෙස අදාළ විය යුතු බව අවධාරණය කරන ලදී.
 
මෙහි දී රට පුරා විවිධ ආකාරයට ක්‍රියාත්මක කෙරෙන පූර්ව ළමා විය සංවර්ධන අධ්‍යාපන ආයතන සියල්ල ඒකාබද්ධතාවකින් යුතු ව එක ම ප්‍රතිපත්තියක් මත පදනම් ව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සකස් කර කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ආයතනයේත් ඒකාබද්ධ ප්‍රතිපත්ති ප්‍රකාශයක් ලෙස සකස් කර නීතිමය රාමුවක් යටතේ අනුමැතිය ලබාගැනීම සඳහා සූදානම් කරන ලෙස අගමැතිවරිය විසින් නිලධාරීන්ට උපදෙස් දෙන ලදි. 
 
එම පොදු ප්‍රතිපත්තිය  තුළ, පූර්ව ළමා විය සංවර්ධනයට අදාළ ගුරු මාර්ගෝපදේශ, ගුරු පුහුණු, ගුරු වැටුප්, බඳවාගැනීමේ විභාග වැනි සියලු කාරණා ඇතුළත් විය යුතු බවත් පැවසූ අගමැතිවරිය,  නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආරම්භ කරන අවස්ථාවේ දී ම මෙම පූර්ව ළමාවිය සංවර්ධන ප්‍රතිපත්තිමාලාව ද ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ද කීවා ය. 
 
    කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ හා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරුන්ගේ හා නිලධාරීන්ගේ 
 ප්‍රධානත්වයෙන් යුත් නිල කමිටුවක් ද මෙම ප්‍රතිපත්ති සම්පාදනය වෙනුවෙන් පිහිටවන ලෙස මෙහි දී යෝජනා විය. පෙරපාසල නිමා වීමෙන් පසු සවස් කාලය හා ගුරු නිවාඩු දිනවල දී දිවා කාලය ගත කිරීමේ දී පෙරපාසල් දරුවන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කරන ක්‍රමවේදයක් සොයා බැලිය යුතු ව තිබෙන බව ද හරිනි අමරසූරිය මහත්මිය මෙහි දී ප්‍රකාශ කරන ලදි.
 
මෙම අවස්ථාවට කාන්තා හා ළමා කටයුතු  අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. ආර්. ඔල්ගා, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන ලේකම් නාලක කළුවැව යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීහු සහභාගි වූහ

අඹ කරිය හරියටම මෙහෙමයි Read Previous

අඹ කරිය හරියටම මෙහෙමයි

රසට පදමට කරවල හොද්ද Read Next

රසට පදමට කරවල හොද්ද

Realted Post

Leave a comment