රුමේනියානු තානාපතිවරිය, අග්‍රාමාත්‍යවරිය හමුවෙයි

ශ්‍රී ලංකාවේ රුමේනියානු  තානාපතිනි, Steluta Arhire මහත්මිය,  සිය ධුර කාලය අවසන් කරමින් දෙසැම්බර් 23 වන දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය  හමුවී සාකච්ඡා කළාය.

ශ්‍රී ලංකාව සහ රුමේනියාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා කැපවී ක්‍රියා කිරීම පිළිබඳව අග්‍රාමාත්‍යවරිය තානාපතිනිය වෙත සිය කෘතඥතාව පළ කළ අතර  තානාපතිනියගේ ඉදිරි  කටයුතු සඳහා  සුබ පැතුම්ද පිරිනැමීය. 

ඉදිරි වසරවලදී දෙරට අතර සමීප සබඳතාවයන් තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය කැප වී සිටින බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී තහවුරු කළාය.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ යුරෝපය සහ උතුරු ඇමරිකාව සඳහා අධ්‍යක්ෂ ජනරාල් ශෝබිනි ගුණසේකර  යන මහත්ම මහත්මීන් ඇතුළු නිළධාරීන් පිරිසක්ද එක්ව සිටියහ.

එළවලු කැට සලාදය Read Previous

එළවලු කැට සලාදය

බුද්ධානුභාවයෙන් රන් වූ දෝතළු Read Next

බුද්ධානුභාවයෙන් රන් වූ දෝතළු

Realted Post

Leave a comment