ලෝක ආහාර වැඩසටහනේ සහාය ඉදිරියටත් ශ්‍රී ලංකාවට

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හා ලෝක ආහාර වැඩසටහනේ නියෝජිත පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (11) පෙරවරුවේ හමු වූහ.  

ලෝක ආහාර වැඩසටහන හරහා  මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන  වැඩසටහන  අඛණ්ඩව  ක්‍රියාත්මක කිරීමට එම  නියෝජිතයෝ මෙහිදී එකඟ වූහ.

මේ වන විට  ශ්‍රී ලංකාවේ ආහාර පිළිබඳ අර්බුදකාරී තත්ත්වය අවම වුවද, අවශ්‍යතා පැන නඟින විටදී  නව වැඩසටහන් හරහා ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීමට  ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානීහු ජනාධිපති ලේකම්වරයාට කැමැත්ත පළ කළහ.

ලෝක ආහාර වැඩසටහනේ දේශීය අධ්‍යක්‍ෂ අබ්දුල් රහීම් සිද්දික්, රජයේ හවුල්කාරීත්ව නිලධාරී මුස්තාෆා නිහ්මත්, ලෝක ආහාර වැඩසටහනේ නියෝජ්‍ය නේවාසික නියෝජිත ජෙර්ඩ් රෙබෙල්ලෝ, ජනාධිපති අතිරේක ලේකම් රොෂාන් ගමගේ යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය

මහියංගන ශ්‍රී සුමන සමන් මහ දේවාලයේ  වාර්ෂික ඇසළ පෙරහැරට  සුබ  මොහොතින්  පිරිත්  දේශණා කර  කප් සිටුවයි Read Previous

මහියංගන ශ්‍රී සුමන සමන් මහ දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැරට සුබ මොහොතින් පිරිත් දේශණා කර කප් සිටුවයි

සන්නිවේදනයේ තවත් සොඳුරු පියවරක්: 2026 චීන-ශ්‍රී ලංකා මාධ්‍ය සහයෝගිතා සහ හුවමාරු සම්මන්ත්‍රණය Read Next

සන්නිවේදනයේ තවත් සොඳුරු පියවරක්: 2026 චීන-ශ්‍රී ලංකා මාධ්‍ය සහයෝගිතා සහ හුවමාරු සම්මන්ත්‍රණය

Realted Post

Leave a comment