වෙසක් උත්සවයට සමගාමීව ’’බුද්ධ රශ්මි වෙසක් කලාපය’’ මෙවරත්.....

වෙසක් උත්සවයට සමගාමීව "බුද්ධ රශ්මි වෙසක් කලාපය" මෙවරත් පුරා දින 04ක්....

 

2025 වර්ෂයේ වෙසක් උත්සවයට සමගාමීව පැවැත්වීමට නියමිත, කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරය හා අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරනු ලබන "බුද්ධ රශ්මි වෙසක් කලාපය"  පිළිබදව  සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්තු 12 වන දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී  පැවැත්විණි.  

"බුද්ධ රශ්මි වෙසක් කලාපය 2025"  මැයි 13 වන දින සිට පැවැත්වීමට නියමිත අතර හුණුපිටිය ගංගාරාම විහාරය, අරලියගහ මන්දිර පරිශ්‍රය,පෙරහැර මාවත හා බේරේ  වැව ආශ්‍රිතව වෙසක් කලාපය පැවැත්වීමට නියමිතයි. 


මෙහිදී ත්‍රිවිධ හමුදාව, පාසල් දරුවන් , විශ්ව විද්‍යාල සිසුන්,රාජ්‍ය ආයතන හා බන්ධනාගාර රැදවියන් විසින් වෙසක් සැරසිලි, වෙසක් තොරණ හා කූඩු ප්‍රදර්ශන පවත්වයි. මීට සමගාමීව රජයේ පාසල්වල සහ රාජ්‍ය ආයතනවල විශේෂ ආගමික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටද අවධානය යොමු විය. 
 
මෙම අවස්ථාවට ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි ස්වාමීන්වහන්සේ සහ ආචාර්ය පල්ලේගම රතනසාර ස්වාමීන්වහන්සේ වැඩම කර සිටියහ. 

 මෙම සාකච්ඡාවට ආරක්ෂක ලේකම් එච්.එස්.එස් තුයියකොත්තා,බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් ඩබ්.පී සේනාධීර,  යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ මහත්වරුන් ඇතුලු  ආරක්ෂක අංශ ප්‍රධානීන් සහ රාජ්‍ය ආයතන රැසක නිලධාරීන් සහභාගී වූහ.

එළවලු කැට සලාදය Read Previous

එළවලු කැට සලාදය

ඔබත් ආහාර වේලවල් මගහරිනවාද? Read Next

ඔබත් ආහාර වේලවල් මගහරිනවාද?

Realted Post

Leave a comment