ශ්‍රී ලංකාවේ රුවන්ඩා මහ කොමසාරිස් අගමැතිනිය හමුවෙයි

ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි රුවන්ඩා මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ රුවන්ඩා ජනරජයේ මහ කොමසාරිස් Jacqueline Mukangira මහත්මිය පෙබරවාරි 3 වැනි දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හමුවිය.

 ද්විපාර්ශ්වික සහයෝගීතාව සහ ප්‍රධාන ක්ෂේත්‍ර කෙරෙහි අන්‍යෝන්‍ය අවශ්‍යතා පිළිබඳ  මෙම  සාකච්ඡාවෙදී අවධානය යොමු විය. ශ්‍රී ලංකාව සමඟ ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික සහ ආර්ථික සබඳතා අඛණ්ඩව පවත්වාගෙන යාමට රුවන්ඩාවේ අපේක්ෂාව පිළිබඳ මහකොමසාරිස්වරිය යළිත් අවධාරණය කළාය.

 දෙරට අතර වෙළඳාම, ආයෝජනය සහ දැනුම හුවමාරුව පුළුල් කිරීම සඳහා ද්විපාර්ශවික සහයෝගීතාව වැඩි දියුණු කිරීම පිලිබඳව සාකච්ඡා කෙරිණ.

මෙම හමුවට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අප්‍රිකානු කටයුතු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් වරුණ විල්පත යන මහත්ම මහත්මීන්  මෙම හමුවට එක්ව සිටියහ.

සැම කළට උවැසි විශාකාවගේ කළමනාකරණය Read Previous

සැම කළට උවැසි විශාකාවගේ කළමනාකරණය

පොහොසත් රටකට ජනපතිගෙන් පොරොන්දුවක් Read Next

පොහොසත් රටකට ජනපතිගෙන් පොරොන්දුවක්

Realted Post

Leave a comment