අධ්‍යාපනයට ශිෂ්‍යත්ව

අඩු ආදායම් ලාභී පවුල්වල ඉගෙනුමට දක්ෂතා  දක්වන ලද  දරුවන්ට,ජනාධිපති අරමුදල ඔස්සේ ලබාදෙන  අධ්‍යාපනික ශිෂ්‍යත්ව ආධාර  ලබාදීමේ වැඩ සටහන ,මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පසුගිය දා පාර්ලිමේන්තුවේ කතානායක ජගත් වික්‍රමරත්න,පලාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය  හර්ෂ සුරංග ප්‍රනාන්දු , යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්  පැවැත්විණි, එහිදී  අඩු ආදායම් ලාභී ලොතරැයි අළෙවි සහායකයන්ගේ දරුවන්ට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ශිෂ්‍යත්ව ආධාර  ප්‍රදානය   කෙරිණි,

මෙම අවස්ථාවට,නියෝජ්‍ය අමාත්‍ය වරුන් වන හංසක විජේමුණි,(විශේෂඥ වෛද්‍ය) ,වෛද්‍ය  ප්‍රසන්න ,ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති එම් ඩී  සිරිල් ඇන්තනී පෙරේරා,සංවර්ධන  ලොතරැයි මණ්ඩලයේ සභාපති  එම්  ආර්  එච් . ස්වර්ණතිලක,ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ,දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත ජනාධිපති  අතිරේක ලේකම් ජී  ජී  එස්  සී  රොෂාන් ගමගේ යන මහත්වරුද,අධ්‍යාපන  අමාත්‍යාංශ  ලේකම් වරු රාජ්‍ය නිලධාරින් සහ ශිෂ්‍යත්ව ලාභී දරුවන්ද සහභාගි වූහ.

ඡායාරූප වලින් දැක්වෙන්නේනේ  කතානායක ජගත් වික්‍රහරත්න,පලාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු   ,යන මහත්වරු ශිෂ්‍යත්ව ලාභී දරුවන්ට ශිෂ්‍යත්ව ආධාර මුදල් ප්‍රදානය කල අවස්ථාවයි..

ජේ ඒ එල් ජයසිංහ

Diabetasol සන්නාම තානාපති කලාශූරී චන්න විජේවර්ධන Read Previous

Diabetasol සන්නාම තානාපති කලාශූරී චන්න විජේවර්ධන

අලුත් දෑ තනන දරුවන් බිහිකිරීම රටේ අනාගතය ගොඩනැගීමයි Read Next

අලුත් දෑ තනන දරුවන් බිහිකිරීම රටේ අනාගතය ගොඩනැගීමයි

Realted Post

Leave a comment