ඇමති සරෝජා සහ NCPA අතර හමුවක්

පසුගියදා (25) දින කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සහ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයට අනුබද්ධිත ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නිලධාරීන් අතර සාකච්ඡාවක් අමාත්‍යංශයේදී පැවැත්විණ.

ළමා ආරක්ෂණ ක්ෂේත්‍රයේ කාලීන සිදුවීම් පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සේවක පුරප්පාඩු සපයා ගැනීම පිළිබඳවද එහිදී සාකච්ඡා විය.

තවද ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විමර්ශණ කටයුතු කාර්යක්ශම කිරීම උදෙසා අවස්ථානුකූලව කාර්යමණ්ඩල බඳවා ගැනීම සඳහා කඩිනමින් මැදිහත් වන ලෙස අමාත්‍යවරිය විසින් ලේකම්තුමිය සහ අතිරේක ලේකම් (පාලන) වෙත උපදෙස් ලබාදෙන ලදී.

එසේම ළමාරක්ෂණ ක්‍රියාවලිය තුළ නියාමන පාර්ශ්වය වන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සෙසු ආයතන සමඟ වන සම්බන්ධීකරණය සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනත ක්‍රියාත්මක කිරීමේදී ස්වාධීනත්වය පවත්වා ගැනීම සඳහා මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.

මෙම අවස්ථාවට කාන්තා සහ ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතා, අමාත්‍යාංශ ලේකම් තරංගනී වික්‍රමසිංහ මහත්මිය, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සභාපති ප්‍රීති ඉනෝකා රණසිංහ, නියෝජ්‍ය සභාපති මහාචාර්ය ක්ලිෆර්ඩ් පෙරේරා මහතා ඇතුළු නිලධාරීන් එක්ව සිටියහ.

මාතලේ නගරය කේන්ද්‍රකරගනිමින් වෙසක් කලාපයක් Read Previous

මාතලේ නගරය කේන්ද්‍රකරගනිමින් වෙසක් කලාපයක්

තරුණකම රැකගෙන වයසට නොයා ඉන්න උදව් වන රහස් ආහාර 6ක් Read Next

තරුණකම රැකගෙන වයසට නොයා ඉන්න උදව් වන රහස් ආහාර 6ක්

Realted Post

Leave a comment