මඩකළපුව මහජන පුස්තකාල නව ගොඩනැගිල්ල ජනපති සහභාගිත්වයෙන් ජනතා අයිතියට

මඩකළපුව මහනගර සභාවේ මහජන පුස්තකාල නව ගොඩනැගිල්ල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා අතින්  (20)  විවෘත කෙරිණි. 

අතරමග නතර වී තිබූ මෙම පුස්තකාලයේ ඉදිකිරීම් කටයුතු සාර්ථක ලෙස අවසන් වනු දැකීම ඉතා සතුටක් බව එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

මෙම අවස්ථාවට සමගාමීව මහජන පුස්තකාලයේ නිල වෙබ් අඩවිය දියත් කිරිමද ජනාධිපතිවරයා අතින් සිදු විය.  

මෙම නව පුස්තකාල ගොඩනැගිල්ල තුළ ළමුන් වෙනුවෙන් විද්‍යා සහ තාක්ෂණික දැනුම ලබා දීම සඳහා වෙනම ඒකකයක් ස්ථාපිත කර තිබීමද විශේෂත්වයකි. 

රට තුළ කියවීමේ සංස්කෘතිය වියැකී යමින් තිබෙන අවධියක තවමත් දමිළ ජනතාව කියවීම සඳහා දක්වන උනන්දුව අගය කළ යුතු බව පැවසූ ජනාධිපතිවරයා, පුස්තකාලයක් විවෘත කිරීම යනු බන්ධනාගාරයක අවශ්‍යතාව නැති කරන්නක් බවද, මෙම මහජන පුස්තකාල නව ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් දමිළ ජනතාවගේ පොත් කියවීමේ සංස්කෘතිය ඉදිරියට පවත්වාගෙන යාම දිරිමත් කරනු ඇති බවද පැවසීය. 

මඩකළපුව මහජන පුස්තකාල නව ගොඩනැගිල්ලේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ ජනාධිපතිවරයා, මහ නගර සභාවේ කාර්ය මණ්ඩලය සමඟ සුහද කතාබහකද නිරත විය. එහිදී මඩකළපුව නගරාධිපති කේ. සිවම් පාක්‍කියනාදන් මහතා ජනාධිපතිවරයාට සමරු සිහිවටනයක්ද පිරිනැමීය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් ජනාධිපතිවරයා විසින් පුස්තකාල භූමියේ පැළයක් රෝපණය කරන ලදී.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර යන මහත්වරුද, කන්දසාමි ප්‍රභූ, ජී. ශ්‍රීනේශන්, එස්. රාසමානික්කම්, එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා යන මහත්වරු ඇතුළු පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද, මඩකළපුව මහනගර සභාවේ මන්ත්‍රීවරු සහ  රාජ්‍ය නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට  එක්ව සිටියහ.

කිකිළියකගේ සිරුරේ කොළ පැහැ වර්ණ ගන්වා ’’දුර්ලභ ගිරවෙකු’’ ලෙස විකිණීමට තැත් කළ අමුතු පුවතක් Read Previous

කිකිළියකගේ සිරුරේ කොළ පැහැ වර්ණ ගන්වා ’’දුර්ලභ ගිරවෙකු’’ ලෙස විකිණීමට තැත් කළ අමුතු පුවතක්

මී පැණි ඇත්තටම සෞඛ්‍යයට හොඳද? සීනිට වඩා හොඳ තේරීමක්ද? Read Next

මී පැණි ඇත්තටම සෞඛ්‍යයට හොඳද? සීනිට වඩා හොඳ තේරීමක්ද?

Realted Post

Leave a comment