එල්නිනෝවලට මුහුණ දෙන්න වැඩක්

ඉදිරියේදී ඇතිවිය හැකි “එල්නිනෝ” ආශ්‍රිත කාලගුණික තත්ත්වයන්ට මුහුණදීම සඳහා රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන පෙර සූදානම් කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පියවර ගෙන තිබේ.

මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති හා බුද්ධශාසන නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතාගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.

ඒ යටතේ, එල්නිනෝ තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී ඇතිවිය හැකි අධික උෂ්ණත්වය, වියළි කාලගුණික තත්ත්වයන්, ජල හිඟය, කෘෂිකාර්මික හා පාරිසරික බලපෑම් ඇතුළු අවදානම් තත්ත්වයන් පිළිබඳව අදාළ ක්ෂේත්‍ර සමඟ සාකච්ඡා කර අවශ්‍ය පෙර සූදානම් කටයුතු සැලසුම් කිරීමේ සාකච්ඡාවක් පසුගියදා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

දිස්ත්‍රික්කයේ ජනතාවට ඇතිවිය හැකි බලපෑම් අවම කිරීම සඳහා රාජ්‍ය ආයතන, පළාත් පාලන ආයතන, ආපදා කළමනාකරණ අංශ, කෘෂිකර්ම හා ජල සම්පාදන අංශ ඇතුළු අදාළ ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවද මෙහිදී අවධාරණය කෙරිණි.

මෙම අවස්ථාවට  පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමන්ත ,  මාතලේ මහ දිසාපති ප්‍රසන්න මදනායක ,මාතලේ අතිරේක දිස්‍ත්‍රික් ලේකම් රිෂ්මිනා රියාල්දින් .අපදා සහකාර අධ්‍යක්‍ෂ චමින්ද අමරවීර යන මහත්ම මහත්මින්    ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන නියෝජිතයන් පිරිසක් සහභාගී වූහ

මාතලේ මහේෂ් කිර්තිරත්න 

ආධුනික කලා තරු ක්‍රිකට් තරගාවලියක් Read Previous

ආධුනික කලා තරු ක්‍රිකට් තරගාවලියක්

මහනුවර ඇසළ පෙරහැරට තෙගුණයකින් වැඩි කළ ආරක්ෂාව Read Next

මහනුවර ඇසළ පෙරහැරට තෙගුණයකින් වැඩි කළ ආරක්ෂාව

Realted Post

Leave a comment