කොටු පනින අය කොටු කරන කොටු මෙහෙයුම

දශක දෙකකට ආසන්න කාලයක් පුරා මෙරට වේදිකාව , රූපවාහිනිය හා සාහිත්‍යකරණය එකසේ ජයගත් නිර්මාණවේදී  අසංක සායක්කාර තිර රචනය ලියමින් අධ්‍යක්ෂණය කළ ඔහුගේ ප්‍රථම සිනමා නිර්මාණය  " කොටු "  එළැඹෙන නොවැම්බර් 13 වන දින සිට තිරගත වීම ඇරඹීමට  නියමිතව ඇත.ලොවට හොරා හොර රහසේ පෙම්‍ සුව සොයනා පෙම්වතුන්ගේ කෙම්බිමක් වූ, ආලකමන්දා හෝටලය කේන්ද්‍ර කර ගනිමින් වේදිකාවෙන් ආරම්භකර, ටෙලි  නාට්‍යයෙන් අතිශය ජනප්‍රියත්වයට පත්වු ,කොටු කතා සංකල්පය එහි දිගුවක් ලෙස නොව , එම සන්දර්භය මත නිර්මාණාත්මකව ගොඩනැගූ මූලික සංකල්පය ඔස්සේ විකාශනය වන , අතිශය කුතුහලයෙන් පිරි බ්ලැක් කොමඩි ශානරයේ නව්‍ය සිනමා නිර්මාණයක් ලෙසින් මෙය ප්‍රේක්ෂකයා හමුවට පැමිණෙයි.

මහරාජා මාධ්‍ය ජාලයේ නිෂ්පාදනයක් ලෙසින් තිරයට එක්වන කොටු,කැමරා අධ්‍යක්ෂණයෙන් සජිත වීරප්පෙරුම, සංගීත අධ්‍යක්‍ෂණයෙන් චින්තක ජයකොඩි, සංස්කරණයෙන් ලක් රුවන් ද සේරම්, අංග රචනයෙන් මනනුවන් රූපසිංහ, කලා අධ්‍යක්‍ෂණයෙන් සරත් චන්ද්‍ර,  වර්ණ සංයෝජනයෙන් ශාන් අල්විස්, ඇඳුම් නිර්මාණයෙන් දේදුණු කළු පහන, සහය අධ්‍යක්ෂණයෙන් නාමල් ගමගේ, නිෂ්පාදන  කළමනාකරණයෙන් නාමල් බණ්ඩාර , ගීත රචනයෙන් අසංක සායක්කාර සමගින් විමල් කැටපේආරච්චි,ගීත ගායනයෙන් අමිල සඳරුවන් ,නෙල්කා තිළිණි සමගින් රූණි  එක්වී සිටී.

සම්පත් ජයවීර, ඉසුරංග ජය කුමාර ,දිලීප් කුමාර,වාසනා නිරන්ජලී , අනිල් තුෂාන්ජන ,ජයනි සේනානායක, තිළිණි ජයමාලී, හිරුෂාන් හෙට්ටිආරච්චි, සාවින්දි සායක්කාර, අචිත් සායක්කාර, සුලෝ  හරපත්දෙනිය, නිල්මිණි සිගේරා, ධර්මප්‍රිය ඩයස්, සමිත සුදිශ්වර, සරත් කොතලාවල, මාධවී මල්වත්ත, හිමාලි සයුරංගි, ගයාන් වික්‍රමතිලක, මැල්කම් මචාඩෝ, ජගත් චමිල ,සංජානා නෙත්මිණි, සනත් විමලසිරි ,අවිශ්ක දිල්ෂාන් , කැලුම් ශ්‍රී ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පීන් විශාල පිරිසක් "කොටු" සඳහා රංගනයෙන් දායකව ඇත.
 
 ආලකමන්දා හෝටලයට අතිශයින්ම තීරණාත්මක දිනයකදී මෙහි කතාව ඇරඹෙයි. එදින හෝටලයට කාර්යබහුල මෙන්ම වැදගත් දිනයක් වූයේ  නව  සංකල්පයක් මත දිගහැරෙන  අපූර්ව මංගල උත්සවයක් පැවැත්වෙන නිසාවෙනි .එසේම අනෙක් පසින් ප්‍රේමාතුර පෙම්වතුන්ගෙන් හෝටලයේ සියලුම කාමර පිරී ඉතිරී ගොස් ඇති බැවින් ආලකමන්දාවේ සියලුම  සේවකයන් දැඩි අවිවේකී හා කලබලකාරි තත්ත්වයකින් පසුවිය. එම කලබලකාරීත්වය මැද කසුන් සහ ඔහුගේ සගයා කළුමල්ලී එක්ව  සිදු කරන 
ඇතැම් ක්‍රියාවන් හේතුවෙන් සමස්ත හෝටලයම අවුලක් බවට පත්වෙයි .එයින් එකිනෙකා පටලැවෙන සිදුවීම් ගණනාවක් නිර්මාණය වෙයි. ඒ අතරතුර කසුන්ට තමන්ගේ අතීත පෙම්වතිය වන සංජු  අහම්බයෙන් මුණ ගැසෙයි .ඇය පිටුපස යන කසුන් පවතින අවුල් ගොඩ මැදට තව තවත් අවුල් ගණනාවක් නිර්මාණය කර ගනී.සියළු ගැටුම් කෙළවර වන්නේ කිසිවෙක් නොසිතන, කිසිවෙකුට අදහාගත නොහැකි ඉසව්වකිනි.

ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

කඳු මුදුන් අතරින් මතුවන රන්වන් හිරු උදාව විඳින්න Read Previous

කඳු මුදුන් අතරින් මතුවන රන්වන් හිරු උදාව විඳින්න

ලස්සන වෙන්න ආස අයට සැවැන්දරා Read Next

ලස්සන වෙන්න ආස අයට සැවැන්දරා

Realted Post

Leave a comment