ඩෙනිම් රෙද්දෙන් බ්ලවුසයක්

 

මේ කලිසමට ගැළපෙන ඩෙනිම් රෙද්දෙන් මැසූ බ්ලවුසයකි. වළලු කර දක්වා දිගට අත යොදා ඇති මේ බ්ලවුසයට යොදා ඇත්තේ මැන්ඩරීන් කොලරයයි. මේ ඩෙනිම් රෙද්ද තෝරා ගැනීමේදී ගනකමින් අඩු රෙද්දක් තෝරාගන්න. මෙම බ්ලවුසය ඉණට මදක් පහළින් ගන්න. සිරුරට සැහැල්ලු ආකාරයට බුරුලක් දෙන්න. 

 

මිමි මේ ආකාරයට අඟල්වලින් ගන්න
කරවට 14÷ − 4ු 3 1/2
උරහිස 15−÷2+1/2ු 8
පපුව වට 34
ඉණවට 30+8÷−4 1/2
ඉණ දක්වා උස 15+1/2
බ්ලවුසයේ ඇස 20+2
අත උස 10+2
අත වට 10−÷2+1
රැගල් උස 34−÷4 3/4ු 7 3/4
රැගල් දිග 34+8−÷4 10 1/2



ඉදිරිපස පළුව සැකසීම
ඔබ පළමුව කළ යුත්තේ බලවාටිය අඟල් 1 1/2 ක් ඇතුළට නවා හරස් අතට සියලුම මිමි ලකුණු කරගන්න. මූලික කර සකස් කර ගත් පසු එම කරට වඩා අඟල් 3/4 ක් පහතට කර කට් කර අඳින්න. ඉදිරිපස විවරයක් ඇති නිසා රෙද්දේ පහතින් බොත්තම් යොදාගන්න. 

 


පසුපස පළුව
කපා ගත් ඉදිරිපස පළුවෙන් අඟල් 1/2 ක් ඇතුළට නවා නැම්මේ තබන්න. පසුපස පහත් කිරීම සඳහා අඟල් 1 ක් ප්‍රමාණවත් වෙයි.

 

උපදෙස් - 
වයඹ පළාත් සභාවේ හිටපු ප්‍රවීණ මැහුම් උපදේශිකා 
කාන්ති කුලරත්න


කොලරය සැකසීම
කපා ගත් ඉදිරිපස සහ පසුපස කළුව උරහිස මූට්ටු කරගන්න. (එය කොලරය කපා ගැනීමේ පහසුව සඳහාය. නැතහොත් කොලරයේ රැලි වැටීමක් සිදු වේ.)
දැන් ඔබ කළ යුත්තේ වෙනත් රෙද්දක් නැම්ම සිටින ලෙස මේසය මත තබා ඉදිරිපස සහ පිටුපස (මූට්ටු කර ගත්) පළු දෙක දිග හැර රෙද්ද මත තබා සම්පූර්ණ කර වට අඳින්න. (රූපසටහන බලා කර ප්‍රමාණය ඇඳිය යුතුයි) දැන් ඔබ කළ යුත්තේ ඉදිරි පස සහ පිටුපස පළු දෙක ඉවත් කර එම කර ප්‍රමාණයට වඩා අඟල් 3 1/2 පළලට කොලරය කපාගන්න. (ඉදිරිපස හා පසුපස මූට්ටුවක් නොවන ලෙස)

 


මැසීමට උපදෙස්
කොලරය පළු දෙකක් වන සේ කපාගන්න. එය වටා අඟල් 1 පමණ පටියක් රැලි කර කොලරය වටා අල්ලන්න. කොලරය බ්ලවුසයේ කර වටා අල්ලා පයිපින් කරගන්න. අත් දෙක අල්ලා අත අගට ඉලාස්ටික් එකක් යොදාගන්න. දෙපස මූට්ටු කර වාටිය මසා බොත්තම් අල්ලා ගන්න.

 


 සුබෝධිනී පෙරේරා


 

 
 

අපේ උදව්වට ආ එයාලා දිවයිනෙන් පිටත් වෙයි Read Previous

අපේ උදව්වට ආ එයාලා දිවයිනෙන් පිටත් වෙයි

කැඩුණු කන්දවෙයිලි හි පාලම යලි හදයි Read Next

කැඩුණු කන්දවෙයිලි හි පාලම යලි හදයි

Realted Post

Leave a comment