ද යූත්ක්වේක්

මාධ්‍ය නීති සංසදයේ (Media Law Forum) පළමු ජාත්‍යන්තර ප්‍රකාශනය වන ‘The Youthquake: Emergence of the Fifth Estate vs The Captured Fourth in Asia’ කෘතිය සැප්තැම්බර් 7 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) එළිදක්වනු ලැබීය.

මෙම කෘතියේ ප්‍රධාන කතුවරයා ලෙස ආචාර්ය රංග කලන්සූරිය කටයුතු කර ඇති අතර, ඊවා දනායන්තී, මන්දනා ඉස්මායිල් අබේවික්‍රම, නසියා අෆ්රින් මොනාමි, සෝනියා අවාලේ සහ බෙටි හෑන් සමකතුවරුන් ලෙස කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නේපාලය, මියන්මාරය සහ ඉන්දුනීසියාව යන රටවල අත්දැකීම් පදනම් කරගනිමින් සකස් කර ඇති මෙම කෘතිය තුළ ආසියාවේ තරුණ විරෝධතා, ඒවායේ දේශපාලන හා සන්නිවේදන මානයන් මෙන්ම ඩිජිටල් මාධ්‍යයේ වෙනස් වෙමින් පවතින භූමිකාව පිළිබඳව විමසා බැලේ.

කෘතියේ පළමු පිටපත පූජ්‍ය ත්‍රිකුණාමලේ ආනන්ද මහානායක ස්වාමීන් වහන්සේ වෙත පිළිගන්වනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ, මහා සංඝරත්නයේ සාමාජික ස්වාමීන් වහන්සේලා, හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ මහත්වරුන් ඇතුළු දේශපාලන නායකයන්, ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශයන්හි විශ්වවිද්‍යාල හා අධ්‍යයන ක්ෂේත්‍රයේ විද්වතුන් සහ සම්භාවනීය ආරාධිතයන් රැසක් සහභාගි වූහ.

මාධ්‍ය, ප්‍රජාතන්ත්‍රවාදය, තරුණ පරපුර සහ ආසියාවේ ඩිජිටල් සන්නිවේදනය සම්බන්ධයෙන් පර්යේෂණ, සංවාද සහ අවබෝධය ප්‍රවර්ධනය කිරීමට මාධ්‍ය නීති සංසදය දරන උත්සාහයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස ‘The Youthquake’ කෘතිය හඳුන්වා දිය හැකිය.

ළඟදීම මනාලියක් වෙන්න ඉන්න ඔයාට Read Previous

ළඟදීම මනාලියක් වෙන්න ඉන්න ඔයාට

අස්ගිරි පාර්ශවයේ මාවිල්මඩ ධම්මපාල හිමියන්ට විශේෂ ගෞරව සම්මානයක් Read Next

අස්ගිරි පාර්ශවයේ මාවිල්මඩ ධම්මපාල හිමියන්ට විශේෂ ගෞරව සම්මානයක්

Realted Post

Leave a comment