පෙර පාසල් ගුරුභවතුන් සහ රැකබලා ගන්නන් 600ක් වෙනුවෙන් ජාතික වැඩසටහනක්

"පෙර පාසල් සේවාව, රජය වගකියන නිශ්චිත වෘත්තීය රාමුවක් සහිත “සංවෘත සේවාවක්” බවට පත්කිරීම සඳහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය හරහා අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කරමින් පවතිනවා."

- සරෝජා සාවිත්‍රි පෝල්රාජ්
කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය -

මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික සතියේ තෙවන දිනය සනිටුහන් කරමින් මුල් ළමාවිය ගුරුභවතුන් සහ රැකබලාගන්නන් වෙනුවෙන් වන ජාතික වැඩසටහන ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිණියගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේදී පැවැත්විණි.

මෙවර මුල් ළමාවිය රැකවරණය සහ  සංවර්ධනය පිළිබඳ ජාතික සතිය සැමරෙන්නේ "විකසිත වන ළමා ලොවට - හිරු කිරණකි සොඳුරු පවුල" යන්න තේමා කරගනිමිනි.

දිවයිනේ සියළු දිස්ත්‍රික්ක නියෝජනය කරමින් පැමිණි පෙර පාසල් ගුරුභවතුන් 600 ක් වෙනුවෙන් පෙර පාසල් දරුවාගේ  සමාජ සහ චිත්තවේග සංවර්ධනයට හා සමාජානුයෝජනයට අවශ්‍ය පෝෂක පරිසරයක් ගොඩනැගීම සඳහා පෙර පාසල් ගුරුවරයාගේ සහ රැක බලාගන්නන්ගේ කාර්යයභාරය පිළිබඳව විද්වත් සාකච්ඡාවක් සංවිධාන කර තිබුණි. 

මේ සඳහා අනුග්‍රාහක දායකත්වය සපයනු ලැබුවේ ඇට්ලස් ඇක්සිලියා ආයතන විසිනි.

මෙම අවස්ථාවට කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය, පාර්ලිමේන්තු නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර මහත්මිය, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශ ලේකම් තරංගනී වික්‍රමසිංහ මහත්මිය, තනාපතිවරුන්, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ජාතික අධ්‍යාපන ආයතනය නියෝජනය කරන නිලධාරීන්, පෙර පාසල් ගුරුභවතුන් එක්ව සිටියහ.

මව් සෙනහස කාටත් එකයි. එළු බබා එක්ක වෛරල් වූ ඇය Read Previous

මව් සෙනහස කාටත් එකයි. එළු බබා එක්ක වෛරල් වූ ඇය

වියළි කාලගුණයත් සමග ඉස්මතු වන චර්ම රෝග වලට පිළියම් Read Next

වියළි කාලගුණයත් සමග ඉස්මතු වන චර්ම රෝග වලට පිළියම්

Realted Post

Leave a comment