නාමල් රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් මිහින්තලා පොසොන් ආලෝක පූජාවක් සහ බත් දන්සලක්

මිහින්තලය පොසොන් උත්සවයට සමගාමීව ඓතිහාසික මිහින්තලා පුදබිම කේන්ද්‍ර කරගනිමින් විශේෂ ආලෝක පූජාවක් සහ බත් දන්සලක් සාර්ථකව පවත්වා තිබේ.

මෙම ආලෝක පූජාව සංවිධානය කර තිබුණේ ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති, ආචාර්ය පූජ්‍ය වලවාහැන්ගුණවැවේ ධම්මරතන හිමිපාණන් වහන්සේගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් සහ මඟපෙන්වීම යටතේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ පෙරමුණෙන් දන්සලක්

මිහින්තලා පුදබිම වෙත පැමිණි අතිමහත් බැතිමතුන් උදෙසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ පෙරමුණ විසින් සංවිධානය කරන ලද සුවිශේෂී බත් දන්සලක් ද මෙහිදී පැවැත්වුණි.

මෙම ආලෝක පූජා පුණ්‍යකර්මය සඳහා සහ බත් දන්සල විවෘත කිරීමේ අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි විය. මෙම අවස්ථාවට ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයින්, තරුණ පෙරමුණේ සාමාජිකයින් ඇතුළු බැතිමතුන් විශාල පිරිසක් එක්ව සිටියහ.

සටහන: මහේෂානි මීගහපොල

වැදිරිය මංකඩ’ සමඟින් රූපවාහිනී ප්‍රේක්ෂකයන්ට අලුත්ම ටෙලි අත්දැකීමක්! Read Previous

වැදිරිය මංකඩ’ සමඟින් රූපවාහිනී ප්‍රේක්ෂකයන්ට අලුත්ම ටෙලි අත්දැකීමක්!

වාද්දුව මහිගර්ජනාරාමයේ කොත  පැළඳවීමේ Read Next

වාද්දුව මහිගර්ජනාරාමයේ කොත පැළඳවීමේ

Realted Post

Leave a comment