හරි අපූරු කෑම නම් තියෙන තරු
නමක් කියනකොට මතක් වෙන්නේ මිනිස්සු. හැබැයි සමහර හොලිවුඩ් තරුන්ගේ නම් ඇහුණම මුලින්ම මතක් වෙන්නේ... කෑම ! පලතුරු, චීස්, වගේ ආහාරවල නම් ඔවුන්ගේ නම්වලම සැඟවී තිබෙනවා.
සමහරුන්ට ඒ නම් පවුලෙන් උරුම වුණා. තවත් සමහරුන්ට උපතේදීම ඒ නම් ලැබුණා. තවත් අය තමන්ගේ රංගන ජීවිතය වෙනුවෙන් ඒ නම් තෝරාගත්තා. එහෙනම්, කෑම රසයත් එක්ක මතකයේ රැඳෙන මේ ප්‍රසිද්ධ චරිත කිහිපය ගැන බලමු.
Halle Berry
ඔස්කාර් සම්මානලාභී හොලිවුඩ් නිළියක් වන Halle Berry, Monster's Ball' (2001) සහ X-Men' (2000) වැනි ජනප්‍රිය චිත්‍රපට හරහා ලොව පුරා ආදරය දිනාගත් තරුවක්. ඇයගේ "Berry" යන නාමය වර්ණවත් හා රසවත් බෙරි පලතුරු සිහිපත් කරන අතර, ඇයගේ චරිත මෙන්ම එයත් කැපී පෙනෙන එකක්.
Brie Larson
Brie Larson කියන නම ඇහුණම චීස් ගැන මතක් වෙන එක පුදුමයක් නෙවෙයි. "Brie" කියන්නේ ප්‍රංශයේ ජනප්‍රිය මෘදු චීස් වර්ගයක්. ඔස්කාර් සම්මානලාභී නිළිය වන ඇය 'Sleepover' සහ '13 Going on 30' වැනි චිත්‍රපටවලත් රංගනයෙන් දායක වී තිබෙනවා. නම චීස් එකක් වගේ වුණත්, ඇයගේ දක්ෂතාව නම් අතිශයින්ම සුවිශේෂීයි!
Condoleezza Rice
හිටපු ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරිය සහ දේශපාලන විද්‍යාඥවරිය වන Condoleezza Rice ගේ "Rice" යන වාසගම, ලෝකයේ වැඩිම පිරිසක් ආහාරයට ගන්නා ප්‍රධාන ආහාරයක් වන සහල් මතක් කරනවා. සහල් වගේම ඇයත් ස්ථාවර චරිතයක් ලෙස හැඳින්විය හැකි වුවත්, හැමෝගෙම ප්‍රියතම කෙනා වූවා කියන්න බැහැ.
Peaches Geldof
සංගීත ශිල්පී Bob Geldofගේ දියණිය ලෙස ප්‍රසිද්ධියට පත් වූ Peaches Geldof, පසුව රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් සහ මාධ්‍ය චරිතයක් ලෙසත් තමන්ගේම අනන්‍යතාවයක් ගොඩනඟා ගත්තා. ඇයගේ "Peaches" යන නම පීච් පලතුර මෙන් මිහිරි වුවත්, ඇයගේ ජීවිත කතාව නම් ඉතා සංවේදී එකක්. ඇය වයස අවුරුදු 25 දී අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගත්තා.
Apple Martin
නළු නිළි යුවළක් වූ Gwyneth Paltrow සහ Chris Martin තම දියණියට "Apple" කියන නම තැබූ විට ලෝකයම ඒ ගැන කතා කළා. අද වන විට Apple Martin නිරූපණ ක්ෂේත්‍රයට පිවිසෙමින්, ඇයට ලැබුණු අසාමාන්‍ය නමට ගැළපෙන ලෙසම තමන්ගේම ගමනක් නිර්මාණය කරගෙන යනවා.
Ginger Rogers
හොලිවුඩ්ගේ ස්වර්ණමය යුගයේ දීප්තිමත්ම නිළියක් සහ නර්තන ශිල්පිනියක් වූ Ginger Rogersගේ සැබෑ නම Virginia Katherine McMath. නමුත් පවුලේ සිදුවීම් කිහිපයක් හේතුවෙන් "Ginger" යන නම ඇයට හිමිවුණා. අද එම නමත්, ඇයගේ රංගන හා නර්තන දක්ෂතාවත් ඉතිහාසයට එක්වී තිබෙනවා.
Brandy
ගායිකාවක් සහ නිළියක් වන Brandy, 'Moesha' රූපවාහිනී කතාමාලාව සහ 'The Boy Is Mine' ගීතය හරහා අතිශයින් ජනප්‍රියත්වයට පත්වුණා. ඇයගේ සැබෑ නම Brandy Rayana Norwood වුවත්, අද ඇය "Brandy" නමින්ම ලොව පුරා හඳුන්වනු ලබනවා. එම නම ප්‍රසිද්ධ මත්පැන් වර්ගයක් ද සිහිපත් කරනවා.
ඉතිං මේ වගේ නම් නිසත් මේ තරු තව ජනප්‍රිය වෙලා තියෙනවා. පලතුරු, චීස්, හෝ වෙනත් ආහාර නම් මේ හොලිවුඩ් තරුවලට වෙනස්ම අනන්‍යතාවයක් එක් කරලා.
අශන්ති වරුණසූරිය

Leave a comment