මෙහෙවර පැසසුම්

මහජනතාවට වඩාත් කාර්යක්ෂම සහ කඩිනම් සේවාවක් සැපයීම වෙනුවෙන් ජනාධිපති අරමුදලේ සේවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටම දක්වා විමධ්‍යගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ 2025 වසරේ ඉහළම කාර්ය සාධනයක් දැක්වු නැගෙනහිර පළාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇගයීමේ “මෙහෙවර පැසසුම්” වැඩසටහන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ස්වාමී විපුලානන්ද සෞන්දර්ය අධ්‍යයන ආයතනයේදී  පසුගියදා  පැවැත්විණි.

අම්පාර, මඩකලපුව සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්ක තුනට අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල අතරින් ජනාධිපති අරමුදලේ අයදුම්පත්  ලැබීමේ සහ ඒවාට කඩිනමින් ප්‍රතිචාර දැක්වීමේ කාර්යක්ෂමතාව අනුව එක් එක් දිස්ත්‍රික්කයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 03ක් බැගින්, තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 09ක් මෙලෙස ඇගයීමට ලක් කෙරිණි.

ඒ අනුව, අම්පාර දිස්ත්‍රික්කයේ පළමු ස්ථානය සමන්තුරේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටත්, දෙවන ස්ථානය අඩාලච්චේනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටත්, තෙවන ස්ථානය කල්මුණේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටත් හිමි විය.

මඩකලපුව දිස්ත්‍රික්කයේ පළමු ස්ථානය කාත්තන්කුඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත්, දෙවන ස්ථානය මන්මුනේ උතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත්, තෙවන ස්ථානය කෝරලෙයිපත්තු මධ්‍යම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත් ලබා ගත්හ.

ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයේ පළමු ස්ථානය ත්‍රිකුණාමලය නගරය හා කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත්, දෙවන ස්ථානය කින්නියා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත්, තෙවන ස්ථානය මූතුර් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත් විසින් ලබා ගන්නා ලදී.

“මෙහෙවර පැසසුම්” වැඩසටහනේ පළමු වැඩසටහන කොළඹදීත්, දෙවන වැඩසටහන මඩකලපුවේදීත් පැවැත්වුණු අතර මෙය තෙවන වැඩසටහනයි.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරු සහ රාජ්‍ය නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

ඔහු ගැයුවේ අපේ ජීවිතයයි Read Previous

ඔහු ගැයුවේ අපේ ජීවිතයයි

මෙහෙවර පැසසුම් Read Next

මෙහෙවර පැසසුම්

Realted Post

Leave a comment