රිළවු ලක්‍ෂයක් රට පැටවීමේ ඇත්ත විස්තරේ

 

 

වඳුරෝ, රිළවු, මොණරු බෝ වීම ලංකාවට පමණක් ආවේනික ප්‍රශ්නයක් නොවන බවත් මෙය ගෝලීය ප්‍රශනයක් බැවින් ඊට තිරසාර විසඳුම් ඇති බව ශ්‍රී ලංකා වනසත්ව සහ හා ස්වභාවික ආරක්ෂක සංගමය පවසයි. 

රජයේ වනාන්තර වලට අලුත් පර්මිට් ලබා දෙමින් වනාතර එළි කිරීම හේතුවෙන් සතුන් ගොවි භුමි වලට පැමිණෙන බව ද ගොවීන්, වනජීවී සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මෙන්ම මහවැලි අධිකාරිය ද මෙම ප්‍රශ්න සම්බන්දයෙන් දැනුවත් කළ යුතු බව ද මාධ්‍ය සාකච්චාවක් පවත්වමින් එම සංගමය සඳහන් කළේය.

මේවන විට වාර්තා වන පරිදි රිළවු ලක්‍ෂයක් චීනයට යැවීමට යෝජිතය. කෙසේවෙතත් මෙතෙක් මෙතරම් ප්‍රමාණයක් සතුන් රට යවා නැති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර අධ්‍යක්ෂවරිය වන මහාචාර්ය සෙව්වන්දි ජයකොඩි පැවසුවාය. 

එමෙන්ම කිසියම් හේතුවක් සඳහා සතුන් රට යැවීමේදී ඊට අදාල නියමිත නීති ක්‍රමවේදයක් ඇති බවද  ඇය මෙහිදී මතක් කළාය. ඒ සම්බන්දයෙන් ඇය දැක්වූ අදහස් වීඩියෝවෙන්.

මේ දින දිනවල ගොවියන් ලෙසින් වොයිස් කට් දෙන බහුතරයක්  සැබෑ ලෙසම ගොවියන් නොවන  බවත්, ඉන් සම සමහරක් ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද දේශ දේශපාලන පක්ෂයක ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් බවටත් හෙළි වී ඇති බව   වැසි වනවනාන්තර සුරකින්නෝහි කැඳවුම්කරු ජයන්ත විජේසිංහ පැවසුවේය. 

ඒ ගැන වැඩි දුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද පැවසුවේය. "කෘෂි කෘෂිකර්ම ඇමැතිවරයාගේ සහ රජයේ නොහැකියාව වසා ගැනීම වෙනුවෙන් රිලවුන් බිල්ලට ගැනීම් අප තේරුම් ගත යුතුය. ලංකාවේ කෘෂි කෘෂිකර්මාන්තය බිඳ වැටී ඇත්තේ නිසියාකාරයෙන් පොහොර සහ අදාල වල් සහ පළලිබෝධ පාලනය පිළිබඳ රජයට නිසි ක්‍රමවේදයක් නොතිබීම නිසාවෙනි.  ගොවියන්ට  පොහොර  ලබා දීමට සහ  වාරි ජලය ලබා දීමට නොහැකි කෘෂි කෘෂිකර්මාන්ත ඇමතිවරුන් මෙන්ම 40% කට ආසන්න පසු අස්වනු හානිය ළක්වා ගැනීමට නිසි ක්‍රමවේදයක් නොමැති කෘෂිකර්මාන්ත ඇමතිවරුන් තම නොහැකියාව රිලවුන් වෙත පටවා ඇත. රිලවාගෙන් සිදු වන්නේ පෙර අස්වනු හානියක්   වන අතර එය බෝගයෙන් බෝගයට වෙන්ස් වන නමුත් රිලවුන්ගෙන් සිදු වන සම්පූර්ණ පෙර අස්වනු හානිය පසු අස්වනු හානිය 5% කටත් අඩු ය.  

එසේනම් විසඳිය යුතු ගැටලුවේ අනුපිළිවෙල වන්නේ, කෘෂි කර්මාන්තයේ යෙදවුම්,  පසු අස්වනු හානිය සහ වෙනත් හේතූන් නිසා සිදුවන පෙර අස්වනු හානිය වන අතර රිළවා ගෙන්් සිදුවන පෙර අස්වනු හානිය ඒ සා විසා විශාල ගැටළුවක් නොවන නමුත් එයද විසඳිය යුතු ගැටලුවක් බව පරිසරවේදීන් සහ පරිසර සංවිධාන ලෙස අපගේ විශ්වාසයයි".

අපේ උදව්වට ආ එයාලා දිවයිනෙන් පිටත් වෙයි Read Previous

අපේ උදව්වට ආ එයාලා දිවයිනෙන් පිටත් වෙයි

අධ්‍යාපනය මේ මොහොතේ දරුවන්ට බරක් නොවිය යුතුයි Read Next

අධ්‍යාපනය මේ මොහොතේ දරුවන්ට බරක් නොවිය යුතුයි

Realted Post

Leave a comment