ලෝක සංචාරක දිනය මහනුවරදී උත්සවාකාරයෙන් සැමරූ අයුරු
ලෝක සංචාරක දිනය නිමිත්තෙන් ශ්‍රී දළදා මාළිගාව කේන්ද්‍රකොටගෙන සංවිධානය කර තිබූ විශේෂ සැමරුම් උත්සවයක් පසුගිය 27වන දින , ශ්‍රී දළදා මාළිගාව , ඓතිහාසික ඇහැලේපොල වලව්වේ ඉටි කෞතුකාගාරය , දළදා මාළිගාවේ ඇත් ගාලේදී විදෙස් සංචාරකයන් රරසකගේ සහභාගිත්වයෙන් පවත්වන ලදි,
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය ,මධ්‍යම පලාත් සංචාරක දෙපාර්තමේන්තුව සහ හන්තාන තේ පර්වේෂණ ආයතනය එක්ව සංවිධානය කල මෙම සුවිශේෂී සැමරුම් උත්සවයේදී මෙරට දේශීය රසකැවිළි ,මෙරට පිරිසිදු කන්ද උඩරට තේ මෙන්ම ,මෙරට සංස්කෘතික රංඟනයන් උත්සවයට එක්වූ විදෙස් සංචාරකයන් අමන්දානන්දනයට පත් කළේය. අචාර්ය පාලිත කොහොන මහතාද මෙම උත්සවයට සහභාගි විය.
ජේ ඒ එල් ජයසිංහ

Leave a comment