වසර 7කට පෙර මහා කැලයක්ව තිබූ උතුරෙ සපුමල්ගස්කඩ විහාරයේ අසිරිමත් අවස්තාවක්

ලක්ෂ 130 වියදමින් ඉදිකළ "සාසන රංසි " උපෝසථාගාරය (සීමා මාළකය ) පසුගියදා ඓතිහාසික වව්නියා සපුමල්ගස්කඩ රාජමහා විහාර භූමියේදී පුජා කළ අවස්ථාවයි මේ. 

 උතුරු පළාත් සංඝනායක ගල්ගමුවෙ සන්තබෝධි  නාහිමියගේ අනුශාසනා පරිදි සිදු වූ මෙම අති උතුම් පිංකම සදහා ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශවයේ ශ්‍රීමත් අනුනායක අතිපුජනීය තපෝවනයේ නිවාත නාහිමිපාණන් වහන්සේ ප්‍රධාන නිකායේ විධායක සංඝ සභාවේද ,කාරක සංඝ සභාවේද  අනෙකුත් විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේලා ප්‍රධාන සිව් දිගින් පූජනීය මහා සංඝරත්නය වැඩම.කළ සේක. 

මෙම මහා පිංකම අමරිකාවේ සමාධි පදනමේ නිර්මතෘ ආචාර්ය සසිත් රාජසූරිය මහතාගේ පූර්ණ ධන පරිත්‍යාගයෙන් මෙය ඉදිකර ඇති අතර සියලු කටයුතු සදහා ප්‍රදේශයේ සියළු රාජ්‍ය ආයතන වන.ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ,සිවිල් ආරක්ෂක දේපාර්තමේන්තුව,ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය,වනසංරක්ෂණ දේපාර්තමේන්තුව,වනජීවී දේපාර්තමේන්තුව ,දිස්ත්‍රික් ලේකම් කාර්‍ය්ලය,ප්‍රදේශීය ලේකම් කාර්‍ය්ලය ඇතුළු සියළු රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු සැමගේ සහයෝගය දායකත්වය ලැබුණු බව ගල්ගමුවේ සන්තබෝධි හිමියෝ පැවසූහ.

යක්‍ෂයාගේ දෙවොලක්. හාස්කම් රැසක්. තවත් අලුත්ම යුගයක රහස් මතු වුණ ථූපාරාමය. Read Previous

යක්‍ෂයාගේ දෙවොලක්. හාස්කම් රැසක්. තවත් අලුත්ම යුගයක රහස් මතු වුණ ථූපාරාමය.

යක්‍ෂයාගේ දෙවොලක්. හාස්කම් රැසක්. තවත් අලුත්ම යුගයක රහස් මතු වුණ ථූපාරාමය. Read Next

යක්‍ෂයාගේ දෙවොලක්. හාස්කම් රැසක්. තවත් අලුත්ම යුගයක රහස් මතු වුණ ථූපාරාමය.

Realted Post

Leave a comment