සමාජයට නායකත්වය දිය හැකි අනාගත පරපුරක්

ගෝලීය දැනුමෙන් සන්නද්ධ, ආත්ම ශක්තියෙන් පිරි සහ සමාජයට නායකත්වය දිය හැකි අනාගත පරපුරක් බිහි කිරීම රජයේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රධාන අරමුණ වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය. 

මඩකළපුව එරාවූර් රහ්මානියා මහා විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පිරිසක් සැප්තැම්බර් 14දින  පස්වරුවේ කොළඹ පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලය සහ ජනාධිපති මන්දිරය නැරඹීමේ අධ්‍යාපනික චාරිකාව අතරතුර අග්‍රාමාත්‍යතුමිය හමුවූ අවස්ථාවේ ඇය මේ බව පැවසුවාය. 

 ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සන්නිවේදන අංශය එක්ව පාසල් දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන ‘Vision’ වැඩසටහන් මාලාවට සමගාමීව මෙම අවස්ථාව සංවිධානය කර තිබිණි.

මෙහිදී ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ පිහිටි පැරැණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල නැරඹීමෙන් අනතුරුව, ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ඉතිහාසය පිළිබඳව සිසුන් දැනුවත් කිරීමට කටයුතු කෙරිණි.

 එමෙන්ම ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා විසින් ජනාධිපති අරමුදලේ කාර්යභාරය සහ පාසල් දරුවන් උදෙසා එමඟින් සැලසෙන සේවාවන් පිළිබඳව ද සිසුන් වෙත පැහැදිලි කිරීමක් සිදු කළේය.

 පරිසර ආරක්ෂණයේ වැදගත්කම තහවුරු කරමින් සංකේතාත්මක තිළිණයක් ලෙස පාසල වෙත වටිනා ශාක පැළ ලබාදීමද මෙම වැඩසටහනට සමගාමීව සිදුවිය.

මෙම සංචාරය සඳහා ත්‍රිවිධ හමුදා ආරක්ෂක කටයුතු සම්බන්ධීකරණ ඒකකයේ අධ්‍යක්ෂ, සහකාර අධ්‍යක්ෂ ඇතුළු නිලධාරීන්, එරාවූර් රහ්මානියා මහා විද්‍යාලයේ විදුහල්පතිතුමා, ආචාර්ය මණ්ඩලය සහ සිසු සිසුවියන් රැසක් එක්ව සිටියහ.

ඔබේ සෞඛ්‍යය ඔබේ අතේ  පියයුරු ස්වයං පරීක්ෂාවෙන් ජීවිතය රැකගනිමු. Read Previous

ඔබේ සෞඛ්‍යය ඔබේ අතේ පියයුරු ස්වයං පරීක්ෂාවෙන් ජීවිතය රැකගනිමු.

ලොකු වෙනසක් තියෙන් ලස්සන ෆිල්ම් එකක් Read Next

ලොකු වෙනසක් තියෙන් ලස්සන ෆිල්ම් එකක්

Realted Post

Leave a comment