2024 බක්මයේ හොදම දවස - කැලීන් අවුරුදු කුමරිය 2024 ප්‍රථම වටය

සිරිකත පුවත්පත සංවිධාන කළ , කැලීන් අවුරුදු කුමරිය 2024, පසුගිය දා අතිසාර්ථක අයුරින් නිමාවට පත් විය. අයදුම්පත් අතරින් තෝරාගත් 200ක ජයග්‍රාහිකාවන් පිරිසකගෙන් කාණ්ඩ ලෙස තෝරා ගනිමින් අවසන් 50දෙනෙකුත් ඉන්පසුව අවසන් වටය සඳහා 25 දෙනෙකු  ප්‍රවීණ විනිශ්චය මණ්ඩලයකගේ අධීක්ෂණයෙන්   තේරී පත් විය. 
සභාපති ඩෙල්මා ලංකා පුද්ගලික සමාගම එල්. ජී. පියනන්ද, කැලීන් කළමනාකාර අධ්‍යක්ෂ උමේෂ් ගොඩකන්ද, කැලීන් සාමාන්‍යාධිකාරිනි රේණුකා පෙරේරා, කැලීන් ප්‍රධාන ගණකාධිකාරි අනුර දිසානායක, කැලීන් ජාතික අලෙවි කළමනාකරු සුධාරක චිරන්තන, ඇඳුම් මෝස්තර ශිල්පී දමිත් සංජීව, ඩෙල්මා මවුන්ට් වීව් හොටෙල් කළමනාකරු සුරන්ග මැද්දේගොඩල, විජය පුවත්පත් සමාගම සහකාර සාමාන්‍යාධිකාරිනී දැන්වීම් හා බෙදාහැරිම් තනුජා දොඩම්වල යන මහත්ම මහත්මීන් ඇතුළු, සිරිකත පාඨකයින් මෙන්ම සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් අලදෙණිය ඩෙල්මා හෝටලයේ දී සාර්ථකව පැවැති තේරීම් කටයුතු සිදු වූ අවස්ථාවයි මේ.
   කැලීන් අධ්‍යක්ෂිකා චතුරිකා ජයසේකර, ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී සමන්ත ගුණසේකර, ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී ජොනී ගුණසේකර, ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී සමන්ත ප්‍රනාන්දු, ඩෙල්මා මවුන්ට් වීව් හොටෙල් අධ්‍යක්ෂිකා මදූෂා ගොඩකන්ද, ප්‍රවීණ රූපලාවන්‍ය  ශිල්පී කාවින්ද්‍ය ලෙස්ලි, ප්‍රවීණ රූපලාවන්‍ය  ශිල්පිණී ඉන්දුමාලා රාජපක්ෂ, ප්‍රවීණ ඇඳුම් මෝස්තර ශිල්පී මංජුල හරස්ගම, ප්‍රවීණ නිරුපණ ශිල්පිනී දිල්හානි දේදුනු යන ප්‍රවීණ විනිශ්චමණ්ඩලයේ අධීක්ෂණයෙන් ජයග්‍රාහිකාවන් තේරී පත් විය.  
ප්‍රධාන අනුග්‍රාහකත්වය කැලීන් සමාගම 
සමඅනුග්‍රාහකත්වය කැන්ඩි සිටි සෙන්ටර්, ඩෙල්මා මවුන්ට් විව් හොටෙල්, ලස්සන ෆ්ලෝරා - ලා ට්‍රීට්ස්,  තිලංකා හෝටලය, ඩිමැක්ස්

මධ්‍යම පලාත් පාසැල් මලල ක්‍රීඩා තරඟාවලිය 2026 Read Previous

මධ්‍යම පලාත් පාසැල් මලල ක්‍රීඩා තරඟාවලිය 2026

Crimson Elegance Rukshana Read Next

Crimson Elegance Rukshana

Realted Post

Leave a comment