Geek Avurudu 2026 උත්කර්ෂවත් අන්දමින් නිමාවෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් විනෝදාස්වාද සහ Pop Culture සන්නාමය වන Gamer.LK, Nestomalt සමඟ එක්ව සංවිධානය කළ "Geek Avurudu 2026" සැමරුම පසුගියදා කොළඹ Trace Expert City පරිශ්‍රයේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. සිංහල හා දෙමළ අලුත් අවුරුදු සිරිත් විරිත්, නූතන Geek සංස්කෘතිය සමඟ මුසු කරමින් පැවැත්වූ මෙම සුවිශේෂී උත්සවය සඳහා දිවයිනේ නන්දෙසින් විශාල තරුණ පිරිසක් එක්ව සිටියහ.

සුවිශේෂී Cosplay කුමරා සහ කුමරිය තේරීම

මෙම උත්සවයේ වඩාත්ම ආකර්ෂණීය අංගය වූයේ Cosplay කුමරා සහ කුමරිය තේරීමේ තරඟයයි. ඒ සඳහා Cosplayers ලා 100 කට අධික පිරිසක් සහභාගී වූ අතර, ඔවුන් ජනප්‍රිය Superhero සහ Anime චරිත සඳහා සම්ප්‍රදායික අවුරුදු ඇඳුම් නිර්මාණාත්මකව මුසු කර තිබීම විශේෂත්වයක් විය. සංස්කෘතික අනන්‍යතාවය සහ නිර්මාණශීලී රසිකත්වය මැනවින් විහිදා පෑ මෙම තරඟය, ශ්‍රී ලාංකේය Cosplay ප්‍රජාවගේ වර්ධනය විදහා පෑ සන්ධිස්ථානයක් විය.

Geek රසය මුසු වූ නිර්මාණශීලී අවුරුදු ක්‍රීඩා

සාම්ප්‍රදායික අවුරුදු ක්‍රීඩා වලට Geek මුහුණුවරක් ලබා දෙමින් පවත්වනු ලැබූ ක්‍රීඩා ඉසව් උත්සවයට නව ජවයක් එක් කළේය. සහභාගී වූවන්ගේ දැඩි උද්යෝගයට ලක්වූ ක්‍රීඩා කිහිපයක් පහත දැක්වේ:

  • මුට්ටි Smash (කිරි මුට්ටි බිඳීම)

  • Infinity කඹ War (කඹ ඇදීම)

  • Game of පුටු (සංගීත පුටු තරඟය)

  • කොට්ට Kombat (කොට්ට පොර)

  • ගෝනි and Furious (ගෝනි රේස්)

  • Lord of the බෝතල් සහ තවත් බොහෝ නිර්මාණශීලී තරඟ.

මෙම තරඟ සඳහා යොදාගෙන තිබූ සුවිශේෂී නම් සහ ඒවායේ ස්වභාවය නිසා තරඟකරුවන් මෙන්ම ප්‍රේක්ෂකයින් ද දවස පුරාම ඉහළ විනෝදාස්වාදයක් ලැබූහ.

නව පරිච්ඡේදයක ආරම්භය

Colombo Comic Expo වැනි දැවැන්ත උත්සව සංවිධානය කර අත්දැකීම් ඇති Gamer.LK, ප්‍රථම වතාවට Geek Avurudu උත්සවය ස්වාධීන ඉසව්වක් ලෙස සංවිධානය කිරීම විශේෂත්වයකි. මෙය දේශීය සංස්කෘතිය සහ නවීන තරුණ ප්‍රවණතාවයන් අතර පාලමක් තැනීමට සමත් වූ අතර, ශ්‍රී ලාංකේය Geek ප්‍රජාවට නවමු අත්දැකීමක් එක් කළේය.

මෙම උත්සවය සාර්ථක කර ගැනීම සඳහා Nestomalt ප්‍රධාන අනුග්‍රහය ලබා දුන් අතර, සහභාගී වූ සියලු දෙනාටම එය අමතක නොවන අලුත් අවුරුදු සැමරුමක් බවට පත් විය.

එයාගේ සුබ පැතුම Read Previous

එයාගේ සුබ පැතුම

සැම කළට උවැසි විශාකාවගේ කළමනාකරණය Read Next

සැම කළට උවැසි විශාකාවගේ කළමනාකරණය

Realted Post

Leave a comment