මරදාන දුම්රිය ස්ථානයේ පළමු අදියරේ නවීකරණ කටයුතු අවසන්

මරදාන දුම්රිය ස්ථානයේ පළමු අදියරේ නවීකරණ කටයුතු අවසන් කර ජනතා පරිහරණයට විවෘත කෙරේ

පොදු පහසුකම් නිසි පරිදි පරිහරණය කිරීම සහ සුරක්ෂිතව රැකබලා ගැනීම පුරවැසි වගකීමක්

අමාත්‍ය බිමල් රත්නායක මහතා

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව Dream Destination වැඩසටහන යටතේ ක්‍රියාත්මක මරදාන දුම්රිය ස්ථානයේ පළමු අදියරේ නවීකරණ කටයුතු අවසන් කර මගී ජනතාවට එම පහසුකම් සලසා දීම පසුගියදා (25) පෙරවරුවේ සිදු විය.

දුම්රිය මඟී යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අරමුණින් මරදාන දුම්රිය ස්ථානයේ පෞරානිකත්වයට හානියක් නොවන පරිදි තෝරාගත් කොටස් කිහිපයක් පමණක් මෙලෙස නවීකරණය කර තිබෙන අතර ප්‍රධාන ගොඩනැගිල්ල අලුත්වැඩියාව, වේදිකා අංක 05 සහ 06 හි සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම, සහ පරිසර අලංකරණ කටයුතු මේ යටතේ සිදු කර තිබේ. මේ සඳහා රුපියල් මිලියන 35ක් වැය කර තිබෙන අතර අක්බාර් සමාගම ඊට මූල්‍ය අනුග්‍රහය ලබා දී ඇත. මාස හයක කාලයක් තුළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ NIO engineering ආයතනයේ උපදේශන සේවාව අනුව මෙම ප්‍රතිසංස්කරණ කටයුතු විධිමත්ව සිදු කර තිබේ.

ශ්‍රී ලංකාවේ පිහිටි ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් දුම්රිය ස්ථානයක් වන මරදාන දුම්රිය ස්ථානය කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි දුම්රිය ස්ථාන අතුරින් දෙවෙනි විශාලතම දුම්රිය ස්ථානයයි. දේශීය හා විදේශීය මගී ජනතාව දිවයිනේ සෑම පළාතකටම ගමනාගමන පහසුකම් සපයා ගැනීමට පැමිණෙන මරදාන දුම්රිය ස්ථානය අදියර කිහිපයක් යටතේ නවීකරණය කිරීමට සැලසුම් කර ඇත.

මත් ජාවාරමට සම්බන්ධ භික්ෂු ප්‍රතිරූපකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න - මහා නාහිමිවරු. Read Previous

මත් ජාවාරමට සම්බන්ධ භික්ෂු ප්‍රතිරූපකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න - මහා නාහිමිවරු.

මත් ජාවාරමට සම්බන්ධ භික්ෂු ප්‍රතිරූපකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න - මහා නාහිමිවරු. Read Next

මත් ජාවාරමට සම්බන්ධ භික්ෂු ප්‍රතිරූපකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න - මහා නාහිමිවරු.

Realted Post

Leave a comment