ආබාධ සහිත පුද්ගලයින්ගේ ප්‍රශ්න සමස්ත සමාජයම පොදුවේ කතා කළ යුතු දෙයක්

කාන්තා දිනයට සමගාමීව මහනුවර අබාධිත පුද්ගලයින්ගේ අයිතිය සුරකීම සදහාවන “ We for Right “ සංවිධානය විසින් පේරාදේණිය ශික්ෂණ රෝහල මූලික කරගනිමින් ද්‍රව්‍යමය ආධාර ලබා දීම  පසුගියදා  සිදු කරනු ලැබීය.

 සිවුවන වරටත් සංවිධානය කර තිබු මෙම වැඩසටහන  මෙවරත් පේරාදේණිය  ශික්ෂණ රෝහලෙහි  මානසික අබාධ සහිත රෝගීන් උදෙසා ඔවුනට අවශ්‍ය ද්‍රව්‍යමය උපකරණ පරිත්‍යාග කිරීම මෙසේ සිදු විය. 

 එමෙන්ම රෝහල් වාට්ටුවේ සිටි පිරිස්ගේ මානසික සුවතාවය වෙනුවෙන් ගීතමය වැඩසටහනක්ද මෙහිදී ක්‍රියාත්මක විය. මේ සම්බන්දයෙන්  සිරිකත Online අප සමඟ අදහස් දැක්වු දැක්වූ We for Right සංවිධානයේ සභාපති නිශා ශරිෆ් මෙනවිය පැවසුවේ   අබාධ සහිත පුද්ගලයින් යනු එම පුද්ගලයින්ගේ හෝ සමාජයෙහි වරදක් නොව සමස්ත සමාජයෙහිම පොදුවේ කතාකර උත්තර සෙවිය යුතු ගැටලුවක් බවය. 

සටහන - ජයනි ප්‍රේමතිලක


 

ගැහුවම මාර ජොලි කියන අයියලා මල්ලිලා බලන්නම ඕන කතාවක් Read Previous

ගැහුවම මාර ජොලි කියන අයියලා මල්ලිලා බලන්නම ඕන කතාවක්

මධ්‍යම පලාත් පාසැල් මලල ක්‍රීඩා තරඟාවලිය 2026 Read Next

මධ්‍යම පලාත් පාසැල් මලල ක්‍රීඩා තරඟාවලිය 2026

Realted Post

Leave a comment