ඊගල්ස් මෝන්සූන් කුසලාන වාර්ෂික ගොල්ෆ් තරඟාවළිය - 2025

රී ලංකා ගුවන් හමුදා ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් විසින් Aviana Ceylon hotel සමූහයේ අනුග්‍රාහක දායකත්වය සමගින් හතරවන  වරටත් සංවිධානය කරනු ලැබූ මෝන්සූන් කුසලාන 2025 කාන්තා සහ පිරිමි විවෘත ගොල්ෆ් තරඟාවලියේ ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන් සඳහා කුසලාන ප‍්‍රධානෝත්සවය අධ්‍යක්ෂක ජනරාල් ගුවන් මෙහෙයුම් එයාර් වයිස් මාර්ෂල් දම්මික ඩයස් මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (2026 ජනවාරි මස 11 වන) දින ත්‍රිකුණාමලය වරායට සමීප සුන්දර චීනවරාය ගුවන් හමුදා ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් හිදී පවත්වන ලදි.

මෙම තරඟාවලියේදී ඊගල්ස් මෝන්සූන් කුසලානය වෙනුවෙන් කාන්තා හා පිරිමි යන අංශ දෙකෙන්ම ක්‍රීඩක ක‍්‍රීඩිකාවන් තරඟ වැදුනු අතර ත‍්‍රිවිධ හමුදාවේ දක්‍ෂතම ක‍්‍රිඩකයාට පිරිනැමෙන ඊගල්ස් මෝන්සූන් ආරක්ෂක අභියෝගතා කුසලානය සඳහාද තරඟකරුවන් තරඟ වැදිම සිදු විය.  

ඊගල්ස් මෝන්සූන් තරගාවළියේ පිරිමි අංශයේ ශුරතාවය විංග් කමාන්ඩර් (විශ්‍රාමික) ලක්මාල් ගුණවර්ධන ක්‍රීඩකයා විසින් හිමිකරගත් අතර කාන්තා අංශයේ ශුරතාවය ප්‍රවීණා දුණුවිල ක්‍රීඩිකාව විසින් හිමිකර ගන්නා ලදි. එහි පිරිමි අංශයේ අනුශූරතාවය විංග් කමාන්ඩර් (විශ්‍රාමික)  නලීන් බෙන්තරආරච්චි ක්‍රීඩකයා විසින් දිනා ගත් අතර කාන්තා අංශයේ අනු ශූරතාවය නිලූ ජයතිලක ක්‍රීඩිකාව විසින් හිමිකරගන්නා ලදි. 

ඊගල්ස් මෝන්සූන් ආරක්ෂක අභියෝගතා කුසලානය ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ විංග් කමාන්ඩර් අසන්ත ගුණරත්න ක්‍රීඩකයා විසින් දිනාගන්නා ලද අතර එහි අනුශූරතාවය ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ ලෙෆ්ටිනන්ට් කමාන්ඩර් මෙවන් පෙරේරා විසින් දිනා ගන්නා ලදි.

හිතටත් ගතටත් වද දෙන නඟන Read Previous

හිතටත් ගතටත් වද දෙන නඟන

ජාත්‍යන්තර කාන්තා දියේදී The Best Nurse of The year Read Next

ජාත්‍යන්තර කාන්තා දියේදී The Best Nurse of The year

Realted Post

Leave a comment