‘ජිගලෝ’ සිනමා පටයේ මංගල දර්ශනය සාර්ථකව පැවැත්වෙයි

 

යූ. ඒ. පල්ලියගුරුගේ නවතම සිනමා නිර්මාණය වන ‘ජිගලෝ’ (වේසාවා) චිත්‍රපටයේ මංගල දර්ශනය සැප්තැම්බර් 11 වන සිකුරාදා පස්වරු 6.00 ට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පැවැත්විණි.

කතාව, දෙබස්, තිර රචනය මෙන්ම අධ්‍යක්ෂණයෙන් ද යූ. ඒ. පල්ලියගුරු දායක වූ මෙම චිත්‍රපටය සුනිල් ටී. ප්‍රනාන්දු සහ යූ. ඒ. පල්ලියගුරුගේ එකාබද්ධ නිෂ්පාදනයකි.

ප්‍රවීණ හා නවක රංගන ශිල්පීන් රැසකගේ දායකත්වයෙන් හැඩවූ ‘ජිගලෝ’ සිනමා පටය සඳහා නීටා ප්‍රනාන්දු, රෑන්ඩ් සෙනෙවිරත්න, දිල්රුෆා ශානාස්, ජනක කුඹුකගේ, අසංකී ද සිල්වා, සචින් ලියනගේ, විරාජ් පෙරේරා, රුක්ෂානා දිසානායක, මානෙල් වානගුරු, ගීතා කාන්ති ජයකොඩි, දයාසිරි හෙට්ටිආරච්චි, නිශාදී හේමමාලි, ඉලංකා ප්‍රනාන්දු සහ සෆීකා අලී ඇතුළු පිරිසක් රංගනයෙන් එක්වූහ.

මෙම චිත්‍රපටයේ තාක්ෂණික හා පසුබිම් ශිල්පීන් ලෙස:

කැමරාකරණය: එච්. ඩී. ආරියවංශ
සහාය අධ්‍යක්ෂණය සහ කලා අධ්‍යක්ෂණය: චාමර මධුසංක
නිෂ්පාදන කළමනාකරණය: දිනේෂ් සංජීව
නළු නිළි තේරීම් කරණය: යූ. ඒ. පල්ලියගුරු සහ දිනේෂ් සංජීව
සංස්කරණය, වර්ණ සංයෝජනය සහ ශබ්ද පරිපාලනය: ඉසුරු උමංග
අංග රචනය: සඳමාලි ආරියරත්න
නිශ්චල ඡායාරූපකරණය: කල්ප මේනක, චාරුක පෙරේරා සහ අමල් රෝස්

සටහන - කසුනි විජේසිංහ 

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ  ගොඩනැගිල්ලක තරප්පු පෙලින් ඇද වැටුණු 22 හැවිරිදි සිසුවා Read Previous

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ගොඩනැගිල්ලක තරප්පු පෙලින් ඇද වැටුණු 22 හැවිරිදි සිසුවා

අලුතෙන් ආපු ProFood ProPack සහ AgBiz 2026 නිෂ්පාදන පෙළ Read Next

අලුතෙන් ආපු ProFood ProPack සහ AgBiz 2026 නිෂ්පාදන පෙළ

Realted Post

Leave a comment