රැකියාවට යන යුවතියට ටයිට් සායක්

 

රැකියාවට යන යෞවනියට අපූරුවට ගැළපෙන ටයිට් සායක් අද අපි ඉදිරිපත් කරමු.  දණහිස තෙක් උස ඇති මේ සාය සඳහා තරමක් ගනකම ඇති කඩා හැලෙන ආකාරයේ රෙද්දක් තෝරාගන්න. 
මේ සඳහා පහත දැක්වෙන ආකාරයට අවශ්‍ය මිමි අඟල්වලින් ගන්න. 

 


ඉණ වට  
30−­4=71/2¬1¬1  (මැහුම් වාසි) 
උකුළ දක්වා උස 
7 1/2 + 1/2
උකුළ වට 34−­4¬1
සාය උස 20+2

ඉදිරිපස පළුව
අඟල් 60 පළල රෙදිි යාර එකක් ගෙන නැම්මට තබාගන්න. නැම්මේ සිට හරස් අතට රේඛාවක් ඇඳ එහි ඉණවට මිම්ම හතරට බෙදා ඩාර්ට්වලට අඟල් එකකුත්, මැහුම් වාසියට අඟල් එකකුත් එකතු කරන්න.  රූප සටහන බලන්න) ඉණ සිට පහතට උකුළ දක්වා උස, සාය උස, ලකුණු කරගන්න. උකුල උස රේඛාවේ සිට හරස් අතට රේඛාවක් ඇඳ උකුළ වට මිම්ම ලකුණු කරන්න. වාටිය රේඛාවේ හරස් අතට උකුළ මිම්මට වඩා අඟලක් අඩුවෙන් ලකුණු කරන්න.

 

පසුපස පළුව
රෙද්දේ බලවාටි දෙක එකට තබා අඟල් 4 ක් ඇතුළට නවන්න. එම නැම්ම මත ඉදිරිපස පළුව තබා ඩාට් ලකුණු කරන්න. (රූප සටහන බලන්න)


පළමුව ඉදිරිපස හා පසුපස ඩාර්ට් මසන්න. පසුපසට සිපරයක් අල්ලා ගන්න. රැලි දමා ගත් කොටස ඉදිරිපස පළුවට තබා මසන්න. දෙපැත්ත අඟලක මැහුම් වාසි තබා නිම කරගන්න. (රූප සටහන බලන්න) ඉණට අඟල් දෙකක පමණ හරස් පටි කපා හොඳපිටින් අල්ලා කණපිටට හරවා මසා නිම කරගන්න. වාටියද මසන්න.


රැලි කොටසට උස අඟල් 8-10 ක් පමණ උසට ගෙන ඉහත ආකාරයට (රූප සටහන බලන්න) අඟල් 2 පමණ පළලට රැලි ගෙන ඉදිරිපසට පමණක් රැලි කොටස අල්ලන්න.

 සුබෝධිනී පෙරේරා


 

 

ලිනන්, කපු ඇඳුම් මේ තරම් ඇයි ගණන්? Read Previous

ලිනන්, කපු ඇඳුම් මේ තරම් ඇයි ගණන්?

ලෝකෙට ආපු අලුත්ම ගැජට් එක මෙන්න Read Next

ලෝකෙට ආපු අලුත්ම ගැජට් එක මෙන්න

Realted Post

Leave a comment