ලිනන් රෙද්දෙන් කලිසමක්

 

අද ඔබට ඉදිරිපත් කරන්නේ යුවතියන් වඩාත් ප්‍රිය කරන ඇඳුමකි. ඕනෑම අවස්ථාවකට වගේම ඕනෑම වයසකට ගැළපෙන ඇඳුමක් ලෙස කලිසම සඳහන් කළ හැකියි. මේ සඳහා ලිනන් රෙද්දක් තෝරාගන්න. මේ සඳහා රෙදි මීටර් දෙකක් ප්‍රමාණවත් වෙයි. මෙම කලිසම මසාගන්නා ආකාරය අපි දැන් බලමු. මේ සඳහා අවශ්‍ය සියලුම මිමි අඟල්වලින් ගන්න. 

ඉණ වට ු 30÷4+4+1 1/2=13
කරුව උස =  කීල් උස=9 1/2+1/2
කලිසම උස = 38 +2 = 40
යට වාටිය  = 16÷2 = 8 
ඉදිරිපස පළුව සකසන ආකාරය බලමු.


බලවාටියේ සිට හරස් අතට රේඛාවක් අඳින්න. එහි ඉණවට මිම්ම (රූප සටහන බලා ලකුණු කරන්න) 30 ÷4 = 7 1/2+ බුරුලට 4+ Fly +1 1/2 ඉණ වට මිම්ම 4+4 ලකුණු කර ගත් පසු කරුව උස  9 1/2 + 1/2 ( කීල් උස) 
කරුව උස ගත් තැන සිට අඟල් 1 1/2 ඉහළට ගොස් ත්‍කහ හැඩයට රූපසටහන බලා ඇඳගන්න. බලවාටියේ සිට ඉණ රේඛාවේ පොකට් කටට අඟල් 2 ක් ලකුණු කරන්න. පොකට් කට උස බලවාටියේ පහතට අඟල් 6 ක් ලකුණු කර ගන්න. යට වාටිය රේඛාවේ අඟල් 3/4 ලකුණු කර පොකට් කට අඟල් 6 ක් හැඩ වන සේ රේඛාවක් ඉහළට අඳින්න. පොකට් බෑගය රෙද්ද පාටින් කපන්න.

 


පසුපස සැකසීම
කපාගත් ඉදිරිපස පළුව රෙද්ද මත තබා ඉදිරිපස පළුවට වඩා පසුපස පළුවෙන් පහළට අඟල් 4 ක් තබා කපාගන්න. ඉදිරිපස ත්‍කහ එකේ සිට පසුපස කරුව සඳහා රේඛාවක් ඇඳ එහි සිට හරස් අතට අඟල් 2 1/2 ක් ඉදිරියට ලකුණු කරන්න. යට වාටියෙන්ද ඉදිරිපස පළුවට වඩා අඟල් 1 1/2 ක් ඉදිරියට ගොස් පසු පළුවේ 2 1/2 තෙක් රේඛාවක් ඇඳගන්න. (රූපසටහන බලන්න) ඉදිරිපස පළුවට වඩා පසුපස පළුව තරමක් බුරුලට තිබිය යුතුයි.

 

උපදෙස් - 
වයඹ පළාත් සභාවේ හිටපු ප්‍රවීණ 
මැහුම් උපදේශිකා 
කාන්ති කුලරත්න


මැසීමට උපදෙස්
ඉදිරිපස කරුව සහ පසුපස කරුව වෙන වෙනම මසාගන්න. පසුපස රූප සටහන අංක 3 බලා ඒ ආකාරයට මසන්න. ඉදිරිපස පොකට් දෙක මැසීමේදී රෙද්ද පාටින් කපා ගත් පොකට් බෑගය පොකට් කටට තබා හොඳ පිටින් අල්ලා කණපිටට හරවා මසාගන්න.
(රූප සටහන බලා පොකට් කට වටේට මැහුම් දෙකක් සමාන්තරව මසන්න.) ඉදිරි ඉණට අඟල් 1 1/2ක බෑන්ඩ් එකක් අල්ලන්න. ඉන්පසු එයට අඟල් 1/2 ක හීනියට මසා ගත් පටියක් දමා මැදින් විවර කර පිටතට ගන්න.
පසුපස මැසීමේදී ඉණ ප්‍රමාණයෙන් භාගයක් ඉලාස්ටික් ගෙන ඉදිරිපස උසට සමාන කර අංශ දෙපැත්ත මූට්ටු කර වාටිය මසාගන්න.

සුබෝධිනී පෙරේරා


 

මේක රාජකාරියට එහා ගිය ජාතික වගකීමක් සහ පුරවැසි වගකීමක් Read Previous

මේක රාජකාරියට එහා ගිය ජාතික වගකීමක් සහ පුරවැසි වගකීමක්

රට යළි ගොඩනගනවා යන තිර අදිටනින් යුතුව එක්ව කටයුතු කරමු Read Next

රට යළි ගොඩනගනවා යන තිර අදිටනින් යුතුව එක්ව කටයුතු කරමු

Realted Post

Leave a comment