විදේශීය සංචාරකයින්ට අලුත් අවුරුදු අත්දැකීම් ලබාදෙන ’’New Year in Paradise 2023’’

 

 

 

මෙරට සංචාරය කරන විදේශීය සංචාරකයින්ට අලුත් අවුරුද්ද හා බැදුණ දේශීය සංස්කෘතික අංගයන්හි අත්දැකීම් ලබාදෙන "New Year in Paradise 2023" අලුත් අවුරුදු උත්සවය, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් උණවටුන මුහුදු තීරයේදී පසුගිය දා (15) උදෑසන ආරම්භ විය.

අලුත් අවුරුද්ද හා බැදුන සංස්කෘති අංග රැසකින් අලුත් අවුරුදු උත්සවය අළංකාරවත්වී තිබූ අතර විදේශීය සංචාරකයින් වෙනුවෙන් වෙන් කර තිබූ අලුත් අවුරුදු කෑම මේසය, සංචාරකයින්ගේ ආකර්ශනය දිනාගෙන තිබුණි.

විදේශිකයින් සදහා කණා මුට්ටිය බිදීම, අලියාට ඇස තැබීම, ලිස්සන ගහ නැගීම, අවුරුදු කුමරා සහ කුමරිය තේරීම වැනි තරග රැසක් සංවිධානය කර තිබූ අතර දේශීය නැටුම් හා බෙර වාදන සහිත සංස්කෘතිකාංගද මෙහි සංවිධානය කර තිබුණේය. මෙරට සංචාරයේ යෙදෙන කුඩා දරුවන් සදහා වෙරළේ වැලි මාලිගා සකස් කිරීමේ තරගයක්ද සංවිධානය කර තිබිණි.

දේශීය ආහාර සකස් කිරීම පිළිබද සජීවී අත්දැකීම් සංචාරකයින්ට ලබාදීම සදහා දේශීය කැවිළි සහිත ගැමි මුළුතැන්ගෙයක්ද අලුත් අවුරුදු උත්සවය සදහා එක් කර තිබුණේය.

විදේශීය සංචාරකයින්ට අලුත් අවුරුදු අත්දැකීම් ලබාදීම සදහා සංවිධානය කළ මෙම අලුත් අවුරුදු උත්සවයට සංචාරක අමාත්‍යාංශයේ සහ සංචාරක ප්‍රවර්ධන අධිකාරිය අනුග්‍රහය දක්වා තිබේ.

අර්ශස් වළක්වා ගන්නේ කොහොමද? නොකළ යුතු වැරදි Read Previous

අර්ශස් වළක්වා ගන්නේ කොහොමද? නොකළ යුතු වැරදි

මධ්‍යම පලාත් පාසැල් මලල ක්‍රීඩා තරඟාවලිය 2026 Read Next

මධ්‍යම පලාත් පාසැල් මලල ක්‍රීඩා තරඟාවලිය 2026

Realted Post

Leave a comment