ගෙදර ඉඳන් සල්ලි හොයන්න මල් වගාවක් පටන් ගන්න

 

පැළ මිලදීගෙන ගෙවත්තට ගෙනා සැනින් සිටුවීම සුදුසු නැත. දින 2 -3 ක් සෙවණ ස්ථානයක තබා හොඳින් ජලය සපයන්න. දින 3 ක් පමණ ගත වූ පසු පැළය සිටුවන්න.

බොහෝ කාන්තාවන්ගේ විනෝදාංශය වනුයේ නිවෙසේ අලංකාරය සඳහා මල් වගා කිරීමයි. මල් වගාව යනු නිවෙසේ සිටම ආදායමක් ඉපැයිය හැකි හොඳ ස්වයං රැකියාවකි.


සුළුවෙන් පටන් ගන්න 
මල් පැළයක් නැති නිවෙසක් නැති තරම්ය. අලෙවිය සඳහා මල් වගා කරන්නේ නම් එය ඉතා සුළුවෙන් අරඹන්න. එය ඉතා සාර්ථක ය. ගෙවත්තට, පරිසරයට ගැළපෙන පැළ තෝරාගන්න. සෑම ශාක වර්ගයක්ම සෑම පරිසරයකම හොඳින් වැඩෙන්නේ නැත. වියළි කලාපයේ සරුවට වැවෙන පැළ වර්ග ශීත ප්‍රදේශවල සරුවට වැඩෙන්නේ නැත. එම නිසා තම පරිසරයට ගැළපෙන පරිදි පැළ තෝරා ගැනීම වැදගත්ය. නොගැළපෙන පරිසරයක දී ශාකයක පත්‍ර, මල්, නිරෝගීව මනා පෙනුමකින් යුතුව වැඩෙන්නේ නැති අතර ශාකය නිරතුරුවම රෝගවලටද ගොදුරු වේ.


ඒ වගේම ඉල්ලුම අඩු, සුලබ ශාක වගා කිරීමෙන්ද අලෙවි කිරීමේදී ගැටලු පැනනගී. වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් ඇති අලුත්, දුර්ලභ ශාක වගාව සඳහා තෝරාගත යුතුය. එබැවින් ශාක තෝරා ගැනීමේදි වෙළෙඳපොළේ ඉල්ලුම ඇත්තේ කවර පැළ වර්ගවලට දැයි විමසිලිමත් විය යුතුය.

 


හොඳ පැළ තෝරන හැටි 
හොඳ පැළයක් තෝරා ගැනීම ඉතා වැදගත්ය. එහිදී පැළයේ නිරෝගීභාවය හා වර්ධක තත්ත්වයේ තිබේදැයි  සැලකිලිමත් විය යුතුය.

අදහස් දැක්වීම - 
හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ 
කේ.බී. ගුණරත්න

 


නිරෝගී ශාකයක පත්‍ර දීප්තිමත්ව කොළ පැහැයෙන් ප්‍රාණවත්ව තිබිය යුතුය.


පත්‍ර කහ පැහැගැන් වී ඇත්නම් ඒවා ජල සැපයුම අඩාල වූ හෝ අධිකව ජලය සැපයීම මඟින් වැඩීම අඩාල වූ ඒවා විය හැකි ය. රෝගවලට ගොදුරු වූ හා පළිබෝධ උවදුරුවලට ගොදුරු වූ ශාකවල පත්‍ර ද කහ පැහැගැන් වී මලානික ස්වභාවයක් ගනී.


පත්‍රවල මතුපිට හා යටි පැත්ත පරීක්ෂා කිරීම මඟින් කෘමි හානි ඇතිදැයි දැනගත හැකිය. කුඩා කෘමි විශේෂ හෝ මයිටාවන් සිටී නම් එම ශාක මිලදී ගැනීම සුදුසු නැත.
පොහොර අවශ්‍ය ප්‍රමාණයට නොලැබී වැඩුණු පැළ ද කහ පැහැයක් ගනී. එවැනි පැළ මුලදී වැඩී ඇති අයුරුත් ක්‍රමයෙන් වැඩීම හීන වී ගොස් ඇති අයුරුත් පැළ පරීක්ෂා කිරීමේදී දැකගත හැකිය. එවැනි පැළ මිලදී ගැනීමෙන් වැළකිය යුතුය.


පැළ තෝරා ගැනීමේදී මිල ගණන් ගැනද සැලකිලිමත් වන්න.


සාමාන්‍යයෙන් පැළයක මිල තීරණය වන්නේ පැළයේ වර්ගය, විචිත්‍රබව, දුර්ලභ බව හා වැඩී ඇති ප්‍රමාණය අනුවය. මෙහිදී සුළු මුදලක ලාභය බලා නිරෝගී පැළයක් තෝරා නොගෙන අංගවිකල වූ පැළ තෝරා නොගත යුතුය. එවැනි ශාකයක් මවු ශාකයක් ලෙස වර්ධනය කර තවත් පැළ බෝ කරගත නොහැක. ශාකයේ නිරෝගීකම නොසලකා අඩු මිලට පැළ තෝරාගැනීම නොකළ යුතුය.


වැඩුණු ශාක තෝරා නොගන්න. පැළ කිරීමට වඩා සුදුසු කුඩා පැළ ය. වැඩුණු ශාකයක් නැවත සිටුවීමේදී පරිසරය වෙනස්වීමේදී දුර්වල වී මිය යාමට ඇති ඉඩකඩ වැඩිය. එහෙත් කුඩා පැළ ඉක්මනින් ම එම පරිසරයට හැඩ ගැසෙයි.


ව්‍යාපාරයක් විදියට කරනවා නම් සුළුවෙන් අරඹන්න.
ශාක වර්ග කීපයක් පමණක් තෝරාගන්න.
එක වර්ගයකින් මව් ශාක 2ක් හා පැළ මිලදී ගන්න.
තෝරාගන්නා පැළ පිළිබඳව අධ්‍යයනය කරන්න.


නිවැරදිව සිටුවන හැටි 
පැළ මිලදීගෙන ගෙවත්තට ගෙනා සැණින් සිටුවීම සුදුසු නැත. දින 2 -3 ක් සෙවණ ස්ථානයක තබා හොඳින් ජලය සපයන්න. දින 3ක් පමණ ගතවූ පසු පැළය සිටුවන්න. පැළ බඳුන්ගත කිරීමේදී සිදුරු කිරීම, අඩියට කුඩා ගඩොල් කැබලි, උළු කැට කැබලි තට්ටුවක් අඟල් 1 - 2 අතර පුරවන්න.


කොම්පෝස්ට්, කොහුබත් දැමූ පස් මිශ්‍රණයක් බඳුනේ කටට අඟල් 1 - 1 1/2 පහළට පුරවා ගන්න.
පැළය බඳුනේ හරි මැද සිටුවා අවශ්‍ය නම් ආධාරකයක් යොදන්න.


මතුපිට පස් ආවරණය වැසෙන සේ ගඩොල් කැබලි, කොහු තට්ටුවක් අතුරාගන්න.
සිටවූ පැළ දින 2 ක් පමණ සෙවණ තැනක තබා හිරු එළියට ක්‍රමයෙන් හුරු කරන්න.


සුජිත් ප්‍රසංග


 

මහනුර සහ අවට සවස මහ වැසි..  යටිහලගල  ,හල්ඔළුව  මාර්ගවලට  ගල් පර්වත කොටස්  සහ පස් කඳු කඩා වැටෙයි.. Read Previous

මහනුර සහ අවට සවස මහ වැසි.. යටිහලගල ,හල්ඔළුව මාර්ගවලට ගල් පර්වත කොටස් සහ පස් කඳු කඩා වැටෙයි..

රාජ්‍ය දෘශ්‍ය කලා උලෙළ - 2025 Read Next

රාජ්‍ය දෘශ්‍ය කලා උලෙළ - 2025

Realted Post

Leave a comment