නීපා ලොවටම වසංගතයක් වෙයිද?

වවුලන්ගෙන් ව්‍යාප්ත වන ‘නීපා’ (Nipah) වෛරසය මෙරටට පැමිණීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා. 

නීපා’ වයිරසය කොවිඩ් 19 (Covid-19) තරම් බරපතළ නොවුවත් ලොව රටවල්වල පුද්ගලයන් මෙම වෛරසය වැළදීමෙන්  මියගොස් තිබෙනවා. 

ඉන්දියාවෙන් ආරම්භ වුණු නීපා වෛරසය , මේ වනවිට බංගලාදේශය, සිංගප්පූරුව සහ පිලිපීනය යන රටවලටත් ව්‍යාප්ත වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නීපා’ වවුලන්ගෙන් සහ ඌරන්ගෙන් මනුෂ්‍යයන්ට ආසාදනය වී ඉන්පසු මනුෂ්‍යයන් අතරේ ව්‍යාප්ත වන වෛරසයක් 
බවයි වෛද්‍යවරු සඳහන් කරන්නේ. 

තද උණ, වමනය, ශ්වසන ආසාදන මෙහි රෝග ලක්ෂණ වන අතර වෛරසය ආසාදනය වී රෝගී තත්ත්වය උත්සන්න වුවහොත් මොළයේ ඉදිමීමක් තෙක් එය වර්ධනය විය හැකි බව ද වෛද්‍යවරු පවසනවා.

නීපා වෛරසය පළමුවෙන් හඳුනා ගැනෙන්නේ 1999 වසරේ මැලේසියාවේ ඌරු ගොවිපොලකින්.

ඉන්දියාවේ නීපා වෛරස් ආසාදිතයන් වාර්තා වූයේ කේරළ ප්‍රාන්තයෙන් වන අතර මේ වනවිට කේරළයෙන් ආසාදිතයන් පස් දෙනකු හමුවී තිබෙන බවත් විදෙස් ආරංචි මාර්ග සඳහන් කරනවා.

වෛරසය ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් හඳුනාගෙන ඔවුන්ට ද වෛරසය ආසාදනය වී තිබේදැයි සෙවීමට පරීක්ෂණ සිදු කරන බවයි කේරළ සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ. 

නීපා ඉතා වේගයෙන් මනුෂ්‍යයන් අතරේ ව්‍යාප්ත වන වෛරසයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවිම් නිකුත් කර තිබෙනවා.

නීපා වෛරසය නිසා මේ වන විට මරණ දෙකක් වාර්තා වී තිබෙන බවයි තවදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 

කසුනි නිමල්කා විජේසිංහ

පොදු රාජ්‍ය මණ්ඩලයීය චෙස් පිටියේදී ලංකාවට පදක්කම් වැස්සක් Read Previous

පොදු රාජ්‍ය මණ්ඩලයීය චෙස් පිටියේදී ලංකාවට පදක්කම් වැස්සක්

ශරීරයේ සෑම කොටසකටම වැදගත්, අපි නොසලකා හරින ඛනිජ Read Next

ශරීරයේ සෑම කොටසකටම වැදගත්, අපි නොසලකා හරින ඛනිජ

Realted Post

Leave a comment