සනෝජා දේශපාලනයට

සනෝජා බිබිලේ කියන්නෙ ලංකාවේ කලාව තුළ රසයක් මවපු කලාවේදිනියක්. අදටත් ඇය වටා පවතින ජනාදරය අතිමහත්.ඒ නිසාමයි ඇගේ නම මේ තරමට ජනතාව වැළඳගෙන ඉන්නෙ. සිරිකත Online මේ කතාබහ ඇය සමඟයි.


සනෝජා කියන්නේ කාලයත් එක්ක වෙනස් වුණේ නැති නිහතමානී චරිතයක්. කොහොමද මේ ගුණාංගය ප්‍රගුණ කළේ ?

මට දෙමව්පියෝ පුංචි කාලේ ඉඳලම උගන්වපු දෙයක් තමයි හැමෝම මනුෂ්‍යයෝ කියන දේ. ඒක නිසා අපිට මිනිස්සුන්ව වර්ගීකරණය කරන්න බැහැ. මම අඩුම තරමේ කෝල් එකක් වත් මිස් කරන්නේ නැහැ. අපි එහෙම නොවුණොත් ගන්න කෙනාට දුක හිතෙනවා. මම හැම වෙලාවෙම සිනාමුසු මුහුණින් ඉන්න කැමති කෙනෙක්. ඒ වගේම මම නිහතමානි කෙනෙක්.

 

මේ දවස් වල වැඩ කටයුතු කොහොමද?

ඇත්තටම කියනවා නම් මේ දවස් වල මම ඉන්දියානු චිත්‍රපටයක රඟපාන්න සූදානමින් ඉන්නවා. ඉන් අනතුරුව ටෙලි නාට්‍යයකට රංගනයෙන් දායක වෙන්න බලාපොරොත්තු බලාපොරොත්තුවෙන් සිටිනවා.

 

ආපස්සට හැරිලා බලද්දී ජීවිතයේ කැප කිරීම් ගැන මොකද හිතෙන්නේ?

ඒ ගැන මම ගොඩක් සතුටු වෙනවා. මට විවාහ යෝජනා ආවත් ඒ ගැන සැලකිල්ලක් දැක්වුවේ නැහැ. ඒ හැම වෙලාවකම මට හිතුණෙ මගේ අම්මා තාත්තා ගැන. ඊට පස්සේ නංගි අසනීප වීමත් එක්ක ඇයව රැකබලා ගන්න එක වැදගත් කියලා හිතුවා.

 

දරාගැනීම කියන දේ ඔබට බලපාන්නේ කොහොමද ?

පාසල් කාලේ ඉඳලම මට දැනුන දැනුණ දෙයක් තමයි මගේ පිටුපසින් කවුරු හරි ඉන්නවා කියන එක. සමහර වෙලාවට මම පිරිමියෙක් වගේ හිතලා වැඩ කරනවා. කිසිම වෙලාවක මම තනි වෙලා කියලා හිතන්නේ නැහැ.

 

ලංකාවේ කලාව ගැන මොකද හිතෙන්නේ?

ඒ ගැන නම් යම් කලකිරීමක් තිබෙනවා. 80 දශකයේ කලාව, මගේ ආරම්භය තිබුණේ එතැන. ඒ කාලේ කලාව හරි සුන්දරයි. ඒ වගේම කලාකරුවන් හරිම එකමුතුයි. වර්තමාන වෙනකොට ඒක ගිලිහුණු බවක් දකින්න පුළුවන්.

 

දේශපාලනයට එන්න අදහසක් නැද්ද?

මට මුලින්ම හිතුන දෙයක් තමයි දේශපාලනයට එන එක. අත්සන් කරන්න දවසකට කලින් මම එන්න බැහැ කියලා කිව්වා. දේශපාලනයට සමාජ සේවයට මම ගොඩක් කැමති කෙනෙක්. රටේ පවතින තත්වය තත්වයත් එක්ක මට දේශපාලනය එපා වුණා.

 

පක්ෂයකින් ආරාධනාවක් ලැබුණොත්?

දැනටම ආරාධනාවක් ලැබිලා තිබෙන්නෙ. නමුත් මේ එන ඡන්දයට ඉදිරිපත් වෙන්න අදහසක් නැහැ.එහෙම නොවුණොත් මහ ඡන්දයට සමහර වෙලාට ඉදිරිපත් වෙයි.

 

කොච්චර වයසට ගියත් සනෝජාගෙ ප්‍රියමනාප බව එකලෙසට තියෙනවා. මොකද්ද මේකේ රහස ?

මම විශේෂ දෙයක් භාවිතා කරන්නෙ නැහැ.සතියකට දෙපාරක් වගේ කැරට් ජූස් එක පානය කරනවා. ඒවගේම මම කාන්තා හැමෝගෙන්ම ඉල්ලනවා විශේෂයෙන් අව්වෙ යනවා නම් ඒකට අවශ්‍ය ප්‍රතිකාර අරගන්න. මට ඒ දේ මඟහැරුණා. පස්සෙ කාලෙක ඒ දේවල් කරන්න ගියොත් ලොකු වියදමක් යනවා.

 

ඔබට මෙවෙලේ සමස්ත කාන්තාවට දෙන්න තිබෙන්නෙ පණිවිඩය මොකද්ද ?

කිසිම මොහොතක පසුබට වෙන්න එපා. බොරු කියන්නත් එපා. ඒ වගේම කාන්තාව ඉතාම ප්‍රබල කෙනෙක්. හැම කාන්තාවක්ම ලස්සයි. පිරිසිදුකම වගේම ලස්සනත් මේන්ටේන් කරගෙන ජීවිතය ජය ගන්න. .

 

සටහන - නෙත්මි තෂාරා.

ලස්සන රැකගන්න මනසත් රැකගන්න Read Previous

ලස්සන රැකගන්න මනසත් රැකගන්න

Pure Elegance Read Next

Pure Elegance

Realted Post

Leave a comment